දකුණු පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද (16) දින වර්ජනයේ

දකුණු පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන අද (16) දින වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පලාත් වශයෙන් ආරම්භ කළ වැඩ වර්ජනයේ 5 වන දිනය අද (16) වන අතර, අද දින වර්ජන ක්‍රියාමාර්ගය දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ සිදු කරනු ලබන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැදවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා පවසා සිටී.

අද උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන අතර,  සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, CT, MRI පරීක්ෂණ සේවා, ඖෂධ නිකුත් කිරීම සහ ඖෂධ බෙදා හැරීම, එන්නත් කිරීමේ සායන ඇතුළු සියලු සේවා අඩාල වීමක් සිදුවේ. කෙසේ නමුත් මෙම කාලය තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ආවරණය කිරීම ස්වේච්ඡාවෙන් සිදු කිරීමට නියමිතවයි.

මෙම ක්‍රියාමාර්ගයේ ඉදිරියේදී පිළිවෙලින් ඌව පළාත සහ බස්නාහිර පළාත වර්ජනයට සම්බන්ධ වීමට නියමිතව ඇති අතර 22 වෙනිදායින් පසුව දිවයින පුරා සියලු රෝහල් වර්ජනයට සම්බන්ධ කරගැනීමට සන්ධානය මේ වන විට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්