ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන අද (15) කොළඹට

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන අද (15) කොළඹට

විදුලි පනත අහෝසි කරන ලෙසත්, ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිත හමුවක් කොළඹදී පැවැත්විය. ඒ අනුව ජාතික සම්පත් විකිණීමට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් මැයි 15 දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මේ සඳහා එකතුවෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මෙම නියෝජිතයෝ අදහස් දක්වමින් පැවසීය. 

මෙම නියෝජිත හමුව සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙහිදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, පරිසර සංවිධාන එකමුතුව වෙනුවෙන් මලින්ද ජීවන්, අලුත් පියාපත් තරුණ ක්‍රියාකරුවන් වෙනුවෙන් හර්ෂ ජයසිංහ, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඩී.එම්.ඩී. අබේරත්නයන අය අදහස් දක්වනු ලැබිණි.