අනධ්‍යයන වර්ජනයෙන් විශ්වවිද්‍යාල අවුල් ජාලාවක් වෙයි

අනධ්‍යයන වර්ජනයෙන් විශ්වවිද්‍යාල අවුල් ජාලාවක් වෙයි

විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවගේ වැටුප් කප්පාදුව නිවැරිදි කර ගැනීම හා මාසික හිලව් දීමනවා (MCA ) ලබාගැනීමට සඳහා  අාරම්භ කරන ලද වර්ජනයට විසඳුම් ලබානොදීම හේතුවෙන්  මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු ඇණ හිට ඇත.

මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විභාග හා ඔවුන්ට අවශ්‍ය මූලීක පහසුකම් ලබාගැනීමටත් නොහැකිවීමෙන් සිසුන් විශ්වවිද්‍යාල අතහැර යමින් සටින බව වාර්තා වේ. 

මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු ඇණ හිට ඇති අතර, එය විශාල් අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටු සාමාජිකයකු පවසා සිටියේ, තම ඉල්ලීම් ලබාදෙන තුරු මෙම සටන නතර නොකරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු වටරවුමේදී ඊයේ (13) දින විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පැවැත්වූ විරෝධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර එව විසුරුවා හැරිමටද උත්සහ ගනු ලැබීය.

සබැඳි පුවත්