විශ්වවිද්‍යාල සේවක වැටුප් අරගලය දුරදිග යයි

විශ්වවිද්‍යාල සේවක වැටුප් අරගලය දුරදිග යයි
  • විදුලිය ජලය සැපයීම් අවධානමක! විශ්වවිද්‍යාල පද්ධතියම බිඳ වැටේ !
  • සේවකයින් සියලු සේවා වලින් ඉවත් වීමේ දැඩි තීරණයක් ගනී !
  • උපාධි ප්‍රධානෝත්සවයත් කල් යයි !

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලයේ ලේකම් ටී. එම්.ඩී.සුරංජීව  මහතා  මහතා පවසුවේ, විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බවය.

ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ බිඳ වැටීම් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වේවි. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමේ පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් වගකීම සම්පුර්ණයෙන්ම රජයේ බලධාරීන් දැරිය යුතුයි. මෙවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ, මුදල් අමාත්‍යාංශ නිළධාරීන් ගේ වරදින්  හා රජයේ ක්‍රියාකලාපය නිසයි.

(kandyprimenews)

සබැඳි පුවත්