උතුරු පළාතේ විශ්‍රාමික සෞඛ්‍ය සේවකයින් අගයයි

උතුරු පළාතේ විශ්‍රාමික සෞඛ්‍ය සේවකයින් අගයයි

උතුරු පළාත් සෞඛ්‍ය සේවයෙන් විශ්‍රාම ලබාගිය මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීමේ උත්සවය මැයි මස (31) දින වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල් ශ්‍රවණාගාරය පැවැත්විණි.

එහිදී, උතුරු පලාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ සහ එම දිස්ත්‍රික්කයේ පිහිටි අනිකුත් රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කළ, දැනට විශ්‍රාම ලබා සිටින සංවිධායක මහත්ම මහත්මීන් 41 දෙනෙකුගේ සේවය ඇගයීමේ මෙහිදි සිදුකරන ලදි.

මෙම උත්සවය සඳහා උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, වව්නියාව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. මහේන්ද්‍රන්, වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. එම්. තිලක්ෂන්, වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සෙන්දුර්පතිරාසා, වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ගණකාධිකාරි  සුරේන්ද්‍ර, චෙට්ටිකුලම් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය හරිෂ්, වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ පරිපාලන නිලධාරි වී.වසන්ත කුමාර්, වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරි බාලනාදන්, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්. ඒ. ඩී. විමලරත්න යන මහත්වරුන් ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වී සිටියේය.

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මූලිකත්වයෙන් මෙම ඇගයීම් උත්සවය සංවිධානය කර තිබිණි.