ඖෂධ මෙන්ම, විෂබීජනාශක රසායන ද්‍රව්‍යත් හිඟයි - රවි කුමුදේස්

ඖෂධ මෙන්ම, විෂබීජනාශක රසායන ද්‍රව්‍යත් හිඟයි - රවි කුමුදේස්

ගංවතුර තත්ත්වයත් සමග මතුවිය හැකි රෝග සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම, විසබීජ නාශනයට අදාළ රසායන ද්‍රව්‍ය හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ,  සභාපති රවී කුමුදේශ්  මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී රෝහල් සහ සෞඛ්‍යා ආයතන කළමනාකරණය කර ගැනීම සඳහා දේශීය මිලදී ගැනීම් අවසරයක් ලබාදිය යුතු වුවද එවැනි අවසරයක් මෙතෙක් ලැබී නොමැති බවද වාර්තා වෙයි. නිවැරදි ලෙස ඖෂධ තොග ගබඩා නොකිරීම, දේශීය මිලදී ගැනීම් සිදුකිරීම සිදුකිරීමට පාර කපා ගන්නා ක්‍රමයක් ලෙස කාලාන්තරයක් තිස්සේ භාවිත වුවද, මෙම තීරණය මගහැරීමෙන් මහජනතාව  සහ සෞඛ්‍ය සේවාව පීඩාවට පත් විය නොහැකිය.

එසේම ගංවතුර තත්වයත් සමඟ සමේ රෝග, දිලීර ආසාදන, ලෙප්ටොස්පයිරා වැනි විශේෂිත රෝග තත්ත්වයන් වැඩි විය හැකි අතර, එම රෝග සඳහා අවශ්‍ය ඖෂධ සහ විශේෂිත ක්‍රීම් වර්ග නිසි පරිදි තොග ගබඩා කර නොමැතිවීම මගින්ද මහජනතාවට ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකිය. ගංවතුරට පෙර සිටම බොහෝ ඖෂධ වල හිඟයක් පැවති බැවින්, මෙම අනපේක්ෂිත අවශ්‍යතා වැඩිවීම කළමනාකරණය කිරීම සඳහා කඩිනම් තීරණ ගන්නා යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ යුතුය.

එසේම, ගංවතුර තත්වය විනෝදය සඳහා පාවිච්චි කිරීම මගින් මහජනතාව ඉහත රෝග තත්ත්වයන් අනවශ්‍ය ලෙස වැඩිකර ගැනීම නොකළ යුතු අතර, ගංවතුර ජලය සමඟ ක්‍රීඩා කිරීම, අනවශ්‍ය ලෙස ඒවා පරිහරණය කිරීම, මෙම රෝග තත්ත්වයන් විශාල වශයෙන් වැඩිවීමට හේතු විය හැක.