අද රත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද රත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට උසස්වීම් හා රියදුරන්ගේ පුරප්පාඩු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසා සිටියි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් මෙම ගැටළුවලට විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හා මඟහැරිම නිසා මෙම තීරණයට එළඹී බව එම සංගමයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පවසා සිටීයේය.