අනධ්‍යයන සේවක අරගලයට ආචාර්යවරුන්ගේ සහාය(VIDEO)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් ආරම්භ කර අඛන්ඩ වර්ජනය මෙවන විට සත්‍යයග්‍රහයක් ආරම්භ කර ඇත. එම සත්‍යග්‍රහයට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහාය පලකරමින් එක්විය.

මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහාය දක්විමන් පේරාදේණිය විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ප්‍රසන්න පේරේරා, ජ්‍යෙෂ්ඨ මහචාර්ය ලියනගේ අමරකීර්තී, මහචාර්ය ආරියරත්න හේරත්, ආචාර්ය කල්ප රාජපක්ෂ, ආචාර්ය සමන් පුෂ්පකුමාර, ආචාර්ය සුදේස් මන්තිලක, ආචාර්ය රුවන්තා කුලතුංග, ආචාර්ය කන්චුකා ධර්මසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු අචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සදහා සහයෝගය පලකරමින් සත්‍යග්‍රහ ව්‍යාපාරයේ වාඩි ගන්නා ලදි.

මේ වන විට දින 50කට වැඩි දින ගණනක් මෙම වර්ජනයට ගතවී ඇතත් පාලනාධිකාරිය විසින් මෙම අර්බුදය විසඳීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. මේ තත්ත්වය මත විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩාවැටි ඇති අතර, ඉගැන්වීමේ කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු සම්පූර්ණයෙනම් ඇණ හිට ඇත.

සබැඳි පුවත්