විශ්වවිද්‍යල වර්ජනයට තවම විසඳුම් නෑ

විශ්වවිද්‍යල වර්ජනයට තවම විසඳුම් නෑ

මේ වන විට දින 21ක් ඉක්මවා ඇති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය ක්‍රියාත්මක වන අතර, තම ඉල්ලීම් ලබාදීමදීමකින් තොරව කිසිම ආකාරයෙන් තමන් සේවයට වාර්තා නොකරන බව  විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සාමාජිකයකු "වැඩබිම" සමග පවසා සිටියේය.

මෙම වර්ජනය දිග් ගැසීමට හේතුව වී ඇත්තේ මුදල් අමාත්‍යාංශ නිළධාරීන් ගේ වරදින්  හා රජයේ ක්‍රියාකලාපය නිසා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, විභාග හා උපාධි ප්‍රධානොත්ව පවා වර්ජනය අවසන් වන තෙක් පැවැත්වීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

සබැඳි පුවත්