රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ ඊයේ රාත්‍රී විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවත්, එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සදහන් කළේය.