ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවයි

health-news

2024.10.29 දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයට අනුව ඉහත තනතුර සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙස එම නිවේදනයේ දක්වා ඇත.

නැවත අයදුම්කිරීමේ දිනය 2025.08.25 දිනෙන් අවසන් වන බැවින්, සියලුම අයදුම්කරුවන් එදිනට පෙර මාර්ගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.