වර්ජනය නිසා දුම්රිය ගමන් වාර 50කට වඩා අවලංගුයි

වර්ජනය නිසා දුම්රිය ගමන් වාර 50කට වඩා අවලංගුයි

අද (07) දින  ආරම්භ කරන ලද දුම්රිය එන්ජින් රියදුරු  වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා මේ වන විට උදෑසන දුම්රිය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක්  අවලංගු වෙමින් පවති බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශ කරයි.

මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018. 05. 09 වන දින අනුමත අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කරගෙන  මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බඳවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්,  හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි H. K. W. බණ්ඩාර මහතාගේ  මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් බව පෙන්වා දෙමු.

මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම ක්‍රියා මාර්ගයේ යෙදීමට ලොකෝමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇත.

 

සබැඳි පුවත්