සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව සිකුරාදා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.
All Stories
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.
ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත හිමිකරුවන් සම්බන්ධවී සිටින ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum) හා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාවලින් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කෙරෝනා ආසාධිත සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්ව්‍යං රැකියා, සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (30) පැවැසීය.
හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09 දක්වා තවදුරටත් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පැනවෙන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (01) පැවැසීය.
සෞඛ්‍ය අමාතයංශයේ අත්තනෝමතික තීරණ නිසා කොවිඩ් වසංගත වැඩිවී ඇති බවත්, කරනු ලබන පත්කිරීම් නිවැරිදි නොවන බවත් රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් යූ ටියුබ් චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටී.
ආණ්ඩුව විසින් වසංගත මර්දනය පවරා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරියෙක් ජාතිවාදී පරුෂ වචනයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියකුට ඇතුලු නිලධාරීන්ට බැණවැදී මරණ තර්ජන කිරීමත් සමග ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සැක සංකා මතුව තිබේ.
ගෝලීය කොවිඩ් වසංගතය වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මෙය හැරවුම ක ඇරඹුමක් කරගැනීමෙහිලා දේශපාලන නායකත්වය, රාජ්‍ය යාන්ත්‍රණය, පෞද්ගලික අංශය ඇතුළු සමස්ත පුරවැසියන් මත පැටවෙන්නේ ප්‍රබල වගකීමකි.
දැනට සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
පසුගිය 27 වෙනි දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරින් 04 දෙනෙකුට හා කම්කරු අමාත්‍යංශයේ රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

