කොළඹ මහ රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වල කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ගැටළු නිරාකරණය නොවීම නිසා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසහනයකට ලක්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් රාජ්‍ය සේවා හෙද සංගමය ඉල්ලා සිටින්නේ එම ගැටළු වලට කඩිනම් පැය 48ක් තුළ විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.
All Stories
දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
වැටුප් හා කෑම බීම නොමැතිව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 20,000කට අධික පිරිසක් නේවාසිකාගාරවල කොටුවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.
සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.
කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
ගුරු වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් 2020.10.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සහභාගි විය.
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.
කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාව වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”
රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් සුබ ආරංචියක් ලැබී තිබේ. මහ මැතිවරණය අවසන් වු වහාම උපාධිධාරින්ට පත්වීම් ලැබෙන ලකුණු…
වීඩියෝ පටය උපුටා ගැනීම -අද දෙරණ

