ලැව් ගිනි නිසා දකුණු කොරියාව නොසන්සුම්

ලැව් ගිනි නිසා දකුණු කොරියාව නොසන්සුම්

දකුණු කොරියාවේ ලැව්ගිනි තත්වයක් හේතුවෙන්, නිවාස රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.

විපතට පත්වූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ කලාපයේ මෙම ලැව්ගිනි තත්වය හටගෙන තිබෙනවා. 6,000 කට අධික පිරිසක් මේ වන විටත් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.



වැඩබිම තවත් පුවත් කියවන්න...



ලැව්ගිනි තත්වය මැඩපැවැත්වීම සඳහා 3,000 කට අධික ගිනි නිවන භටයින් පිරිසක් යොදවා ඇති බවයි දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. පසුගිය සිකුරාදා ගින්න ආරම්භ වී ඇති අතර, මේ වන විට හෙක්ටයාර් 6,000 කට අධික භූමියක එය පැතිර ගොසින්. බලධාරින් පවසන්නේ, දැඩි සුළං තත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරීම පාලනය දුෂ්කර වී ඇති බවයි.