දකුණු කොරියාවේ නිරෝධායන නීතියේ වෙනසක් -මේ ගැන ඔබ දැනුවත්ද?

දකුණු කොරියාවේ නිරෝධායන නීතියේ වෙනසක් -මේ ගැන ඔබ දැනුවත්ද?
ලොව අනෙකුත් රටවලට මෙන්ම කොරියාවේ ආර්ථිකයට ද කෝවිඩ් එල්ලකලේ මරු පහරක්,අපේ රටේ මෙන් මතුපිටින් පෙනන ඇදවැටීම් දියුණු රටක්වන කොරියාවෙ ආර්ථිකය තුළින් දුශ්යමාන නොවූවත්,ඔවුනුත් කෝවිඩ් වෙනුවෙන් සුවිශාල මූල්යමය බරක් දරමින් සිටිනවා.
 
සාමාන්ය වසරකදී මිලියන 10 ඉක්මවූ විදේශිකයන් පිරිසක් කොරියාවට පැමිණෙනවා
.
කෙසේවෙතත් පසුගිය වසර දෙකේනම් එම තත්ත්වය බොහෝසෙයින් අඩු වුනා. ඒ කොරියාව විසින් පනවාතිබූ දැඩි කෝවිඩ් නීතිරීති නිසාමයි.
 
 එහෙත් මේ වනවිට කොරියාව සිය කෝවිඩ් සහ නීරෝගී නීති ක්රමිකව ලිහිල් කරමින් සිය රටට ආගමණයවන විදේශිකයන් පිළිගනිමින් සිටිනවා.
 
EPS සේවකයන්ට අදාලව මෙතෙක් පැවති දින 14 අනිවාර්ය නීරෝධායනය නීතිය යම් තරමක් ලිහිල් කරමින් සංශෝධනය කොට තිබෙනවා.
 
ඒ අනුව Re entry පැමිණෙන අයවලුන් සුපුරුදු පරිධි දින 14 නීරෝධායනයට යටත්වන අතර වැක්සින් දෙකම ලබාගෙන නිවාඩුවට මව් බිමට ගොස් පැමිනෙන්නන් දින 14 නීරෝධායනයෙන් මුදාහැර තිබෙනවා.
 
එහෙත් ඔවුන් මව්රටට යෑමට පෙර ප්රාදේශීය #මහජන_සෞඛ්යය_මධ්යස්ථානය යෙන් #Public _Health. #보건소  අදාල ලියාපදිංචි සහතිකය (කොරෝනා ප්රථිශක්තීකරණ එන්නතේ මාත්රා දෙකම ලබාගත් සහතිකය/ජොන්සන් &ජොන්සන් නම් එක් මාත්රාවක්) ලබාගෙන රටින් පිටවිය යුතු වෙනවා.
 
එහි ඉංග්රීසි පිටපතක් ඉල්ලුම්කර ලබාගන්න.
 
එවිට එය ලංකාවෙ ගුවන්තොටුපොලේ සෞඛ්යය අංශවල අවශ්යතාවයට පාවිච්චි කිරීමේ හැකියාවත් තිබෙනවා.
 
නිවාඩුවක් සඳහා මව්බිමට යන ඔබත් මේ ගැන සැලකිලිමත් වන්න.
 
ජය හා සතුට.
 

කොරියා ලංකා සංසදය (උපුටා ගැනීමකි)