ජපන් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ අඹුසැම් යුවළ පොලිස් දැලේ

ජපන් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ අඹුසැම් යුවළ පොලිස් දැලේ

ජපානයේ  රැකියා ලබා දෙන බව පවසා  පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි.

අන්සතු  විදේශ ගමන් බලපත් 18 , ලැප්ටොප් පරිගණකයක්,ටැබ් යන්ත්‍රයක්,ජංගම දුරකතන  තුනක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද ඔවුන් සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 28 සහ 24 වයස්හි පසුවන අතර ඔවුන් පිලැස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෝය.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව නව විටත්  විදෙස් ගමන් බලපත්  තුනක  ජපානයට යාම සඳහා අන්සතු වීසා බලපත් අලවා තිබූ බවද පොලීසිය කියයි.

මෙම අඹුසැමි යුවළට  එරෙහිව  නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මහව අධිකරණයේ නඩු අටක්  පවරා ඇති බවත්  එම සියලු නඩු සඳහා වරෙන්තු නිකුත් වී ඇති බවත් අනාවරණය වී ඇතැයි ද පොලීසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පිලැස්ස මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.