දකුණු කොරියාවේ ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැණුවත් කිරීමක්

දකුණු කොරියාවේ ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැණුවත් කිරීමක්
2021 ඔක්තෝබර් මස 12 වැනි දිනට පෙර හෝ 2021 දෙසැම්බර් 31 වැනි දින වන විට පූර්ණ වශයෙන් කොරෝනා මර්ධන එන්නත් [Jansen- (එක් මාත්රාව​), Pfizer/ Moderna/ AstraZeneca - (මාත්රා දෙක)] ලබා ගත් සහ ලබා ගැනීමට නියමිත සියළුම නීති විරෝධී රැඳී සිටින්නන් 2021 ඔක්තෝබර් මස 12 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි ස්වේච්ඡාවෙන් කොරියාවෙන් පිටත්වීමේ දී පනවන ලද දඩ මුදල්වලින් සහ නැවත කොරියාවට පැමිණීමට නොහැකි වන පරිදි බල පැවැත් වූ සීමාවන්වලින් නිදහස් කෙරේ.
 
මෙලෙස පිටත් වීමේදී එන්නත ලබා ගත් බවට COOV- ඉලෙක්ට්රොනික සහතිකය හෝ ප්රජා මධ්යස්ථානයක් මඟින් Community Centre/주민센터 ලබා ගත් මුද්රිත සහතිකය ​(Certificate of Immunization/ 예방접종 증명서) ඉදිරිපත් කල යුතු වේ.
 
මෙය තාවකාලිකව බලපැවැත්වෙන තත්වයක් වන අතර එය බල පැවැත්වෙන අවසාන දිනය රටේ පවතින වසංගත තත්වය අනුව තීරණය කරනු ලැබේ.
 
ස්වේච්ඡාවෙන් පිටවයාම​ පිළිබඳ මූලික ප්රකාශය (Preliminary Declaration of Voluntary Departure/ 자진출국 신고서) ලබා ගැනීමට ඔබ​ ආගමන විගමන​ කාර්යාලයකට (Immigration Office) පැමිණ හෝ මාර්ගගත ක්රමය (Online) ඔස්සේ අයදුම් කළ හැකි අතර මවුබිම බලා පිටත් වන දින ගුවන් තොටුපළේදී ඔබව​ දඩ හා නැවත​ කොරියාවට ඇතුළත් වීමේ සීමා වලින් නිදහස් කරනු ඇත​.
 
කොරියානු අධිකරණ අමාත්යාංශය විසින් නිකුත් කරන ලද පුවතක් ඇසුරෙනි...
 
May be an image of text