ඖෂධ මිලදී ගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දහසකගේ සහාය ලැබෙයි

ඖෂධ මිලදී ගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දහසකගේ සහාය ලැබෙයි
හිගවූ අත්යවශ්ය ඖෂධ ලබාගැනීම සඳහා සහය දැක්වීමට සති දෙකක් තුළ විදෙස්ගත ශ්රී ලාංකිකයින් දහසකට අධික පිරිසක් එක්ව සිටින බව සෞඛ්ය අමාත්යංශය පවසනවා. මෙරට ඖෂධ හිගය අවසන්වීමට තවත් මාස 03 ක් පමණ ගතවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
 

ඊට අදාළ වැඩපිළිවෙල මේවනවිට ක්රියාත්මක කළද එය සපුරාලීමට මාස තුනක පමණ කාලයක් ගත වන බවයි සෞඛ්ය අමාත්යාංශය පැවසුවේ. එතෙක් අත්යවශ්ය ඖෂධ විදෙස් ගත එම ශ්රී ලාංකික පිරිසේ දායකත්වයෙන් මෙරටට ගෙන්වීමට හැකි වනු ඇති බව සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය තාක්ෂණ සේවා අධ්යක්ෂ, වෛද්ය අන්වර් හම්දානි පැවසුවේ.

 



 සබැඳි ලිපි :