රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 140ක හිඟයක්

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 140ක හිඟයක්
ඖෂධ හිඟය නිසා මතුව ඇති බරපතළ සෞඛ්‍ය අවදානමෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර  ගෙන තිබෙන බව වාර්තා වේ.
 
ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවය.
 

ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බවය.

ඒ අනුව හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත්ය.

එමෙන්ම අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසයි.

හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතී.

වෛද්‍යවරුන් පවසන්නේ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවය.

මෙම බරපතළ සෞඛ්‍ය අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග 5ක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.