අපි රට බේරා ගමු - මේ තමයි රටට ආදරේ කරන පරම්පරාව-රවි කුමුදේස්

අපි රට බේරා ගමු - මේ තමයි රටට ආදරේ කරන පරම්පරාව-රවි කුමුදේස්

ඇත්තටම මේ ගොල්ෆේස් අරගලයේ අයිතිකරුවන් වන්නේ මේ රටේ සුහුරු පරම්පරාව. එහෙම නැත්නං Y සහ Z පරම්පරාවට. ඇත්තටම ඔවුන් මේ රටේ අනාගත අයිතිකාරයෝ. මැයි දිනය කරන වෘත්තීය සමිති කාරයෝ විදිහට අද අපි කතා කරන්නේ බංකොලොත් රටකට. සුසුහු පරම්පරාවේ අරගයට දැන් සති තුනක් ගෙවිලා. හැබැයි ජනාධිපති, අගමැති සහ ආණ්ඩුව තාමත් තම තමන්ගේ බඩ වඩා ගැනීමට වැඩි දෙයක් කරලා නෑ. විපක්ෂයේ සියළු දෙනාත් තරණයන්ගේ සහ වෘත්තීය සමිති අරගලය සහ මහජනතාවගේ දුක වේදනාව තුලින් බලය ලබා ගන්න උත්සහ දරනවට වඩා වැඩි දෙයක් කරල නැති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ, රවී කුමුදේශ් මහතා ගෝල්ෆේස් ජන අරගල භූමියේ නිර්පාක්ෂික මැයි රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් රැළිය අමතමින් ප්‍රකාශ කලේ, ඒ නිසා ගෝඨාභය, මහින්ද වගේම බැසිල් ඇතුළු හොර නඩේ පන්නන්න ඕනේ. ඒ වගේම බොර දියේ මාළු බාන අනෙකුත් පක්ෂ වලටත් අපි කියනවා තමන්ගේ ජනාධිපති අගමැති හීන පැත්තකට දාන්න කියලා. මොකද මේ රටේ අනාගතය මේ නවීන පරම්පරාව මෙතනදි කල යුතු දේ කරේ කවුද කියන එක දන්නවා. තවදුරටත් නිකං ඡන්ද ලැබෙයි කිතං ඉන්න එපා.

මේ ර⁣ට ජනාධිපතිගේ සෙල්ලම් බඩුවක් නෙවේ

අගමැතිට අපි කියනවා ගෙදර දිව්වට ⁣ආයේ ගෙයින් පිට පාරවල් වල දුවන්න වෙන්නේ නෑ කියලා

වෘත්තීය සමිති කාරයෝ විදිහට අපි මේ තරණ අරගලයට අවශ්‍ය ජවය දෙනවා මේ අරගලයේ රතු බිල ලියන්නේ වෘත්තීය සමිති විසින් ඒ නිසා 6 වෙනිද වෙනකං ඉන්න එපා. රතු බිල එනකං ඉන්ල එපා.

ඒ වගේම ව්‍යවස්ථාව අනූව ජනාධිපති යවන්න බෑ කියන, භාරකාර ආණ්ඩු ගේන්න බෑ කියන කියන රජපක්ෂ හෙංචයියොන්ටත් අපි කියනවා ඔය බොරු තව වැඩි කාලයක් හරි යන්නේ නෑ.

අරගලයට සති 3 යි. හැබැයි 2/3 තියෙන 69 ලක්ෂයක් ඡන්ද තියෙන ජනාධිපතිටයි අගමැතියටයි අද රෑට නිදාගන්න තැනක් නෑ.



මෙච්චර කල් ව්‍යවස්ථාව නිසා නැතිවෙලා කියපු පරමාධිපත්‍ය බලය අද ගොල්ෆේස් ඇවිල්ලා ඒ නිසා ඒ බලය අතට අරගෙන පාර්ලිමේන්තුවේ කල යුතු වැඩේ හරියට කරන්න. නැත්නං ඔය හැමෝම තව මාස කිහිපයක් ඇතුලත ඉතිහාසයේ කුණු ගොඩට වැටෙනවා. අවංකව තමන්ගේ හිතට තට්ටු කරල අහන්න මේ සුහුරු පරම්පරාවේ අරගලයට සාධාරණයක් කරාද කියන බව.

අද වෙන කොට සුහුරු පරම්පරාව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් යනවා රට දියුණු කරවන, රට ජාත්‍යන්තරව බබලවන ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ හැමෝම කටයුතු කල යුතුයි කියන එක අපි අවධාරණය කරනවා.

මේක තරුණ අරගලය විතරක් නෙමෙයි,

මේක ගෝල්ෆේස් අරගලය විතරක් නෙමෙයි,

මේක වෘත්තීය අරගලය විතරක් නෙමෙයි,

මේක රටේම අරගලය

ඒ නිසා සුහුරු පරම්පරාවේ තරුණයන්ගේ මේ අරගලය දිනවන්න අපි ඕනෑම කැප කිරීමක් කරනවා.

ඒ නිනා ගෝඨාභයටයි, මහින්දටයි වගේම වටේ ඉන්න හෙංචයියොත් බැහැල යන්න කියල අපි කියනවා. ඒ වගේම ජනාධිපති හීනේ, අගමැති හීනේ වගේම ආණ්ඩු පිහිටුවන හීනේ කර තියං දුවන අනිත් පක්ෂ වලටත් අපි කියනවා දැන්වත් නින්දෙන් ඇහැරෙන්ට. තමන්ගේ දියුණුව වෙනුවට රටේ අනාගතය වෙච්ච තරුණයන්ගේ දියුණුව වටග්ම රටේ දියුණුව සඳහා වැඩ කරන්න.

තරුණ අරගලයට ජය වේවා

තරුණ අරගලයට ජය වේවා