ආණ්ඩුවට විතරක් නෙවේ විපක්ෂයටත් වගකීමක් නෑ

ආණ්ඩුවට විතරක් නෙවේ විපක්ෂයටත් වගකීමක් නෑ

අණ්ඩුව රට අගාධයට ඇද දමලා දේශපාලන සෙල්ලමක් කරමින් ඉන්නවා වගේම විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනා ප්‍රශ්ණය මගහරිමින් මහ ජනතාව සමග දේශපාලන ක්‍රීඩාවේ යෙදෙමින් සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් බව ඔප්පු වෙලා ඉවරයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට වලකට ඇදලා දැම්ම බව අපි හැමෝම දන්නවා.  තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න විපක්ෂයට ලැබිලා තියන අවස්ථාව තාම මග හරුමින් ඉන්න බව තමයි පැහැදිලිව පෙනෙන්නේ.

රටේ සියළු පුරවැසියන් ආණ්ඩුවට යන්න කියද්දී, පාර්ලිමේන්තු ක්‍රමය තුල විකල්ප් නායක්ත්වයක් සැපයීම අපේක්ෂා කරන්නේ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ කණ්ඩායමෙන්. ඒක මග හරින්න එක ජන අරගලයට කරන පිටුපෑමක්.

ජන අරගලය ජයග්‍රහණය කරවීම, පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ වගකීමක්. ඒකට උර දෙන්නේ නැති, ඒ අරගලය ජයග්‍රහණය කරවීමේ වගගීම මගහරින කිසිවෙකු හෝ මේ පාර්ලිමේන්තුවට නැවත පැමිණිය යුතු නෑ. මේ වෙලාවේ රටේ තියන සැබෑ ප්‍රශ්ණය මගහරින කිසිවෙකු හෝ රටේ නායකයෙකු ලෙස පිළි ගැනීමට නොහැකි බව සියළු දෙනා සිහි තබා ගත යුතුයි.

රවී කුමුදේශ්

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව