27 දින රාත්‍රී 12න් පසු දුම්රියත් නෑ

27 දින රාත්‍රී 12න් පසු දුම්රියත් නෑ

මේ මස 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 28 දා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙන බවත්, වෘත්තීය සමිති විසින්  28වනදා පවත්වන දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමීව මෙම වර්ජනය ආරම්භ කරන බව සමිති නියෝජිතයෝ පැවසීය.

ඒ ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා අරගලය වහාම විසඳාන ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කරන බව වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශකයෙක් වැඩබිම ට පැවසීය.