28 දා දීප ව්‍යාප්ත වර්ජනයක්- මැයි 6 දා  හර්තාලයක් 

28 දා දීප ව්‍යාප්ත වර්ජනයක්- මැයි 6 දා  හර්තාලයක් 
ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, ඊයේ 
2021. 04. 22 හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ  වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, මැයි මස 6 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් එහිදී සියළු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී.
 
 එසේම රටේ තරුණ පරපුර ආරම්භ කර ඇති ජන අරගලය ජයග්‍රහණයතෙක් කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව ඒකාබද්ධව කටයුතු කර බවටත් මෙහිදී වෘත්තීය සමිති නායකත්වය සපථ කර සිටින ලදී.
 
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, පාවෙන ඡන්ද දායකයින් ලෙස සමාජ මාධ්‍යයේ උපක්‍රමිකව පුම්බන පුහු චරිත පිළිබඳව විශ්වාස කරමින් ඡන්දය භාවිත කළ, රටේ තරුණ පරම්පරාව දේශපාලනය කියවීමට පටන් ගැනීම අර්බුදය තුළ මතුවී ඇති සුබදායක සලකුණක් බවය.
 
3
ජනාධිපතිවරයා ගෙදර යනවා සේම, රාජපක්ෂවරු ගෙදර යනවාසේම, රටේ තරුණයක්ගේ අරගලය ජග්‍රහණය කරවීම මග හරිමින් සිටින විපක්ෂය ඇතුළු පාර්ලිමේතු මන්ත්‍රී වරුන් පිළිබඳවද අමතක නොකරන බව ඔහු එහිදී එහිදී අවධාරණය කළේය.
 
මෙම සමුළුව සදහා සෞඛ්‍ය, දුම් රිය, ගුරු, තැපැල්, බැංකු, ප්‍රවාහන, වතු, ඇගළුම්, ඇතුළු සියළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහභාගී වූහ.
 2
 
4
එම සමුළුව විසින් ජන අරගලය දිනවීමට අදාළ විශේෂ යෝජනාවලියක්ද සම්මත කරන ලදි.