ගුරු-විදුහල්පති වර්ජනය 25දා

ගුරු-විදුහල්පති වර්ජනය 25දා

රටතුල මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදයට ඉක්මන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ලබන (25) දින එනම් සදුදා දිනයේදී රජයේ පාසල් ගුරු සහ විදුහල්පතිවරුන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් මහතා “වැඩබිම“ ට පැවසීය.

වැඩිවී ඇති ඉන්ධන මිලත් සමග පාසල් වෙත ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකිව සිටින දරුවන් හා ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, දැනට ජනඅරගල සටනට ඉක්මන් විසඳුමක් ලබාදී රට ස්ථාවර කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.