ඉන්ධන මිල වැඩිකිරීමෙන් රාජ්‍ය සේවකයා අර්බුදයට ලක්වෙලා

ඉන්ධන මිල වැඩිකිරීමෙන් රාජ්‍ය සේවකයා අර්බුදයට ලක්වෙලා

ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම නිසා බස්ගාස්තු 37% ඉහළ දැමීම ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීම මත දෛනිකව රාජ්‍ය සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයින්ට හා ක්‍ෂේත්‍ර රාජකාරී සිදු කරන ක්‍ෂේත්‍ර නිලධාරීන්ට එම තත්වය දරාගැනීමට කිසිසේත් නොහැකි මට්ටමක් මතුව ඇති අතර, ඒ සඳහා  වැඩිපිළිවෙලක් සකස් කර රාජ්‍ය සේවකයින්ට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ආණ්ඩුව 2022.04.19 මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ඉහළ දැමීමත් ඒ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් එකවර රු. 84 කින්ද සුදු ඩීසල් එකවර රු. 113 කින්ද ඉහළ දැමීම ජනතාවටත් රාජ්‍ය සේවකයින්ටත් දරාගත නොහැකි පීඩනයක් බව පළමුව ප්‍රකාශ කරමු.

මෑත කාලසීමාව තුළ කිහිපවරක් ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමූ අතර රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩ කරන ජනතාවට ඉන්ධන හා බඩුමිල ඉහළ දැමීමට සාපේක්ෂව වැටුප් හා දීමනා ආණ්ඩුව විසින් ඉහළ දැමීම සිදු කර නොමැති නිසාම මිල ඉහළයැම් දරාගත නොහැකි වී ඇත.

දැවැන්ත මූල්‍ය අර්බුදයක් මුළු රටම වෙලා ගනිද්දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය සේවයේ ඉහළ හා විධායක නිලධාරීන්ගේ දීමනා, පහසුකම් හා වරප්‍රසාද කිසිවක් කප්පාදු කර ගෙන නැති බව ඉතාම පැහැදිලි කරුණකි. ඉහළ ප්‍රභූ පන්තියේ සියලු දෙනා සියලු වරප්‍රසාද භුක්ති විදිමින් පොදු ජනතාවට හා සාමාන්‍ය රාජ්‍ය පෞද්ගලික අංශ වැඩ කරන ජනතාවට එල්ල කරන පීඩනය අනුමත නොකරන අතර ඊට එරෙහිව අප අරගල කරන බවද දන්වා සිටිමු.

ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම නිසා බස්ගාස්තු 37% ඉහළ දැමීම ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීම මත දෛනිකව රාජ්‍ය සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකිය්නට හා ක්‍ෂේත්‍ර රාජකාරී සිදු කරන ක්‍ෂේත්‍ර නිලධාරීන්ට එම තත්වය දරාගැනීමට කිසිසේත් නොහැකි මට්ටමක් මතුව ඇත.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ, බේකරි නිෂ්පාදන ඇතුළු මේ සියල්ල ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඉහල යාමත්, ඊට අමතරව බස්ගාස්තු හා ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීමත් සමඟ රාජ්‍ය සේවකයින් ඇතුළු වැඩ කරන ජනතාව කබලෙන් ලිපට වැටී ඇත.

ඉහත තත්වයන් මත 2022 අප්‍රේල් 22 දිනට හෝ පෙර ඉන්ධන, බස්ගාස්තු හා අනෙකුත් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමක් හෝ සහනයක් නොලැබෙන්නේ නම්,

2) කාර්යාලවෙත වාර්තා කිරීම හා ක්‍ෂේත්‍ර රාජකාරීවලින් ඉහත් වීමට සිදුවන අතර එම තත්වය වළක්වාගැනීම සඳහා ආණ්ඩුවට පහත යෝජනා ඉදිරිපත් කරමු,

3) රාජ්‍ය ආයතන වෙත වාර්තාකළ යුතු රාජ්‍ය සේවකයින් සඳහා කාර්යාලවෙත පැමැණීම හා පිටවීමට අදාළ කාලසීමා සංශෝධනය කිරීම, නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ කාර්යාලීය ප්‍රවාහන පහසුකම් සැපයීම,

කාර්යාලවෙත වාර්තා කිරීම වැටුප් සහිතව සතියේ දින කීපයකට සීමා කිරීම හෝ පිළිගතහැකි විකල්ප ක්‍රියාවලියක් වෙත අවතීරණය වන ලෙස ඉල්ලා සිටිමු.