ජන අරගලය දිනවීමට වෘත්තීය සමිති 28දා වර්ජනයක් තීන්දු කරයි  

ජන අරගලය දිනවීමට වෘත්තීය සමිති 28දා වර්ජනයක් තීන්දු කරයි  

ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, 04(දින) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම සමුළුවේදී අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් එහිදී සියළු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී. එසේම රටේ තරුණ පරපුර ආරම්භ කර ඇති ජන අරගලය ජයග්‍රහණයතෙක් කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව ඒකාබද්ධව කටයුතු කර බවටත් මෙහිදී වෘත්තීය සමිති නායකත්වය සපත කර සිටින ලදී.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, පාවෙන ඡන්ද දායකයින් ලෙස සමාජ මාධ්‍යයේ උපක්‍රමිකව පුම්බන පුහු චරිත පිළිබදව විශ්වාස කරමින් ඡන්දය භාවිත කල, රටේ තරුණ පරම්පරාව දේශපලනය කියවීමට පටන් ගැනීම අර්බුදය තුල මතුවී ඇති සුභදායක සලකුණක් බවය.

ජනාධිපතිවරයා ගෙදර යනවා සේම, රාජපක්ෂවරු ගෙදර යනවාසේම, රටේ තරුණයක්ගේ අරගලය ජග්‍රහණය කරවීම මග හරිමින් සිටින විපක්ෂය ඇතුළු පාර්ලිමේතු මන්ත්‍රීවරුන් පිළිබදවද අමතක නොකරන බව එහිදී අවධාරණය විය.

මෙම සමුළුව සදහා සෞඛ්‍ය, දුම්රිය, ගුරු, තැපැල්, බැංකු, ප්‍රවාහන, වතු, ඇගළුම්, ඇතුළු සියළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහභාගී විය.

එම සමුළුව විසින් ජන අරගලය දිනවීමට අදාල විශේෂ යෝජනාවලියක්ද සම්මත කරන ලදි.

එම යෝජනාවලිය පහතින් දැක්වේ.

මිනිමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු. ජන අරගලය දිනවමු.

වෘත්තීය සමිති නියෝජිත සමුළු යෝජනා.

1) වත්මන් රාජපක්ෂ පවුල් පාලනය විසින් මාස 20 වැනි කාල සීමාවක් තුළ අපේ රට දරුණු ආරථික දරිද්‍රතාවකට ඇද දමා ඇත. වසර 74 දේශපාලන ගමන් මගත් එහි වසර 40 කට අධික විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළත් රටේ ආර්ථිකය මෙහෙයවූ රාජපක්ෂ පවුල්පාලනය දක්වා වන පාලනයක් විසින් රටට උරුමකර දී ඇත්තේ බරපතල ව්‍යසනයකි. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට තම මූලික අවශ්‍යතාවය අවම මට්ටමින් හෝ ඉටු කරගැනීමට පවා නොහැකි මොහොතක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පවුල්පාලනය ගෙදර යන ලෙසත්, ඔවුන් විසින් කොල්ල කෑ දේපළ වත්කම් සියල්ල යළි රටට පවරන ලෙසත් දැවැන්ත මහජන විරෝධතාවයක් මතු කරමින් ජනතාවම වීදි බැස අරගල කරමින් සිටී. ජනමතයට ගරු කරමින් ගෝඨාභය රාජපක්ෂ පවුල් පාලනය සිය බලය අත් නොහරින්නේ නම් ජනමතයට හිස නොනමන ජන පීඩක ආණ්ඩුව පන්නා දමමින් ජනතා අරගලය විජයග්‍රහණයක් තෙක් ලාංකීය වැඩ කරන පන්තිය සටන් කිරීමට සූදානම් බව මෙම නියෝජිත සමු`ඵව යෝජනා කර සිටී.

2) රාජපක්ෂ පවුල් පාලනය අසාර්ථක රාජ්‍ය පාලනයකි. ආර්ථික හැසිරවීමේ නොහැකියාවන් මත ජනතාවට උරුමකර ඇති විනාශය ගණන් බැලිය නොහැක. රටට හිමිවිය යුතු ආදායම් හා උපයාගත හැකි ආදායම් පැත්තකට දමා මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලබාගත් ණය කන්දරාව රටේ ජනතාවට උසුලාගත නොහැකි ණය බරක් බවට පත්කර නිෂ්පාදනය හා ආදායම් අහිමිකර ගනිමින් ණය ගැනීම් මත පමණක් වූ පාලන රටාවක අවසානය ලෙස අප මාතෘභූමියේ ජීවත්වන සියලු දෙනා යාචකයින් බවට පත් කරමින් සිටින බව පැහැදිලිය. ආණ්ඩුවේ අසාර්ථක හා දුර්වල මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිඵල ලෙස ජනතාවට භුක්ති විඳිමට සිදුවෙමින් තියෙන බඩගින්න, මුදල් හිඟකම, භාණ්ඩ මිල දී ගැනීමේ නොහැකියාව, භාණ්ඩ හිඟය, බඩු මිල ඉහළ දැමීම මේ සියලු පීඩනයන් ජනතාවගේ හිසමත පතිත කරන ලද හෙනයක් බවට පත්කර ඇත. දූෂිත පාලන විසින් ඇති කර ඇති පීඩනයට එරෙහිව සාමකාමීවත්, ප්‍රජාතත්ත්‍රවාදීවත්, නිරායුධවත් තමන්ගේ විරෝධතාවය දැක්වූ ජනතාවට ආණ්ඩුව ජීව උණ්ඩ යොදාගනිමින් මර්දනයෙන් පිළිතුරු දීමට පටන් ගෙන ඇත. පසුගිය 19 දින කෑගල්ල, රඹුක්කන දී ඉන්ධන මිල පහත හෙලන ලෙස ඉල්ලමින් අරගල කළ ජනතාවට වෙඩි තබමින් මිනිස් ජීවිත බිලිගෙන  රතුපස්වල, කටුනායක හා හලාවත දී සිදු කළ මිනිස් ඝාතනවලින් පසු යළිත් වතාවක් රාජපක්ෂ ආණ්ඩුවට ආවේණික හා තිරශ්චීන බව රටටත් ලෝකයටත් ප්‍රදර්ශනය කරමින් පවතින මොහොතක මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගනිමින් මිනිස් ජීවිත බිළිගන්නා මිනීමරු ජනපීඩක ආණ්ඩුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් පන්නා දැමිය යුතු බවට මෙම නියෝජිත සමු`ඵව යෝජනා කර සිටි.

3) මාතෘභූමියේ අනාගතය රඳාපවතින්නේ අපේ රටේ මානව හා ස්වාභාවික සම්පත්වල හැකියාව මත බව අපි දනිමු. ගෙවුණු දශක කීපය පුරාම මාතෘභූමියට උරුමව පැවති ස්වභාවික හා ජාතික සම්පත් පාලකයින්ගේ මනදොළ පුරවන කොමිස් කුට්ටි ගණන් අතට ගලා එන පාරාදීසයක් වූ බව මෙරට සමස්ත ජනතාව දනී. අපට උරුමව ඇති සාගර හා මහ පොළොව, ඇල දොළ ගංගා කඳු පන්තීන් මේ සියලු ස්වභාවික සම්පත් වරින් වර මිල කරමින් විකුණමින් සිටී. අපේ රටේ ආර්ථික සුරක්ෂිත භාවයටත්, ජාතික ආරක්ෂාවටත් සෘජුව හා එක හා සමානව බලපාන ඉන්ධන, විදුලිය, ඇතුළු බලශක්ති ක්‍ෂේත්‍රය රටට අහිමි කරමින් ඇත. එතැනින් නොනැවතී ආර්ථික සමෘද්ධිමත් භාවයට හා ආර්ථික සුරක්ෂිතතාවයට සෘජුව බලපාන වරායවල් ඇතු`ඵ සම්පත් රටට අහිමි කරමින් සිටි.

වත්මන් පරපුරට මෙන්ම නූපන් පරපුරට ද අනාගතය වෙනුවෙන් බලපාන අප මාතෘභූමියත් එහි සම්පත් විදේශීය රටවලට විකුණමින් අපට අහිමි කරන අපේ ස්වෛරීත්වය යළි දිනාගත යුතු බවට පෙන්වා දෙන මෙම සමුළුවට ජාතික සම්පත් විකුණන වත්මන් පාලනය පළවාහැර සුරක්ෂිත රටක් ගොඩනැගීමේ අරමුණින් අරගල කළයුතුයැයි යෝජනා කර සිටී.

4) ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් පවතී. ආසියාවේ ඉහළම ජීවන වියදම සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කර ඇත. අප රටේ මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල ලෝකයේ වටිනාකමින් අඩුම මුදල් ඒකකය බවට මෑතක දී පත්වුණි. ණය ගැනීම හා එම ණය වැඩි ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරනවා වෙනුවට වැඩි කොමිස් ගත හැකි ව්‍යාපෘතිවලට යෙදවීම, නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව අවධානය යොමු නොකිරීම, රටට විදේශ විනිමය එකතු කළ හැකි විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් සැලසුම් සඳහා ගමන් නොකිරීම, සැලසුමකින් හා නිවැරදි ආර්ථික නියමයන් නොසලකමින් මුදල් මුද්‍රණය කිරීම වැනි වැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මත රට තුළ දැවැන්ත උද්ධමන තත්වයන් ඇති කිරීම විදේශ සංචිත හීන වීම මත භාණ්ඩ ආනයනය කිරීමට නොහැකිව තිබීම, භාණ්ඩ හිඟයක් ඇති වීම ඇතු`ඵ ජීවත්වීමට නොහැකි දැවැන්ත ජිවන බරක් ජනතාවගේ උරමත හෙලීමට වත්මන් පාලනය ක්‍රියා කරමින් සිටී.

ඉන්ධන හිඟයක් දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම, සහල්, කිරිපිටි, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම හා භාණ්ඩ හිඟයක් ඇති කිරීම ජනතාවට අවශ්‍ය ඖෂධ පවා අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට නොහැකි මට්ටමට දැවැන්ත පීඩනයක් හා දුෂ්කරතාවක් නිර්මාණය කර ඇත.

ආදායම් මාර්ග අහිමිව ඇති මෙරටේ සමස්ත ජනතාවට, කෘෂි නිෂ්පාදනය අහිමි වුණු මෙරට ගොවි ජනතාවට, ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු හේතුමත ජීවනෝපාය අහිමි ධීවර ජනතාවට පඩි වැඩි කිරීමක් හෝ වෙත් කිසිදු සහනයක් නොලැබූ මෙරට සමස්ත වැඩ කරන ජනතාව ඇතුළු මේ සියලු ජනතාව හේතුවෙන් බඩුමිල පහළ දමමින් ජීවන වියදම පහත හෙලීමට අසමත් රාජපක්ෂ පාලනය පන්නා දැමිම සඳහා අඛණ්ඩව සටන් කළ යුතු යැයි යෝජනා කර සිටි.

5) අද වන විට අපේ රට ආර්ථික, දේශපාලනික හා සාමාජීය වශයෙන් සෑම ක්‍ෂේත්‍රයක්ම බිඳ හෙලීමට පාලකයින් කටයුතු කර ඇත. වංචාව, දූෂණය නාස්තිය උරුම කරගත් පාලකයින් මුළු රටටම ආපස්සට ඇදගෙන යමින් සිටින මොහොතක එය වැළැක්වීම සඳහා මෙරට වැඩ කරන ජනතාව සමගිව එක්ව පෙරට පැමිණිය යුතු මොහොතක් අපේ මාතෘ භූමිය විසින් ඉල්ලා සිටී.

දූෂිත, ජනපීඩක හා මිනීමරු පාලනය පන්නා දමමින් රට සුරක්ෂිත කල හැකි අලුත් රටක් ගොඩ නැගීම උදෙසා අපේ රටේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්‍ෂේත්‍ර ඇතුළු සංවිධිත හා අසංවිධිත සමස්ත වැඩකරන ජනතාව එක්ව අරගල කරමින් එක්ව ක්‍රියාකළ  යුතුව ඇතැයි මෙම සමුළුව යෝජනා කර සිටී.

6) වත්මන් පාලනයේ අසමත්කම මත ජනතාවට එල්ල කර ඇති මහජන පීඩනයට එරෙහිවත්, වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ලාංකීය ජනතාවටම සුරක්ෂිත රටක් නිර්මාණය කර ගැනීම උදෙසා ආරම්භ වී ඇති ජනතා අරගලය ජයග්‍රහණය කල යුතුයැයි විශ්වාස කරන අතර, එම ජයග්‍රහණය උදෙසා ලාංකීය වැඩකරන ජනතාවගේ ශක්තිය හා බලය එක්කරමින් රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා වතු ක්‍ෂේත්‍රය අයත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අප්‍රේල් 28 දින ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩ වර්ජනයත් මැයි මස 06 වන දින පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයත් සාර්ථක කිරීමට උපරිමයෙන් ක්‍රියා කරන බව මෙම සමුළුව යෝජනා කර සිටී.