මහින්ද ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්

මහින්ද ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්

ගෝඨාගෝගම සාමකාමි ජනඅරගලයට ප්‍රකෝපකාරී මැර පිරිස් පාලනය නොකර, නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දී ඔවුන්ට තුවාල සිදුකර, ඔවුන්ගේ දේපල විනාශ කල මැරයන්ට ඒ සඳහා ඉඩ ලබා දෙමින්, මැර පිරිස් අතර සිටිමින්, මැරයන්ට ආධාර හා අනුබල දෙමින්, රාජකාරී පැහැර හරිමින් කටයුතු කලබවට පැහැදිලි සාක්ෂි සහිත ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් මෙසේ පැමිණිලි කරමින් ඉල්ලා සිටින ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ලිපියක් බාර දෙමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගිය මැයි 9 වන දින ගෝටා ගෝ ගම හා මයිනා ගෝ ගම යන ස්ථානයන් දෙකේ දී සාමකාමී විරෝධතාවයේ යෙදී සිටි අහිංසක, නිරායුධ ජනතාවට මැරයන් විසින් පහර දී අදට (05/13) දින 4 ක් ගතවී තිබුණද එම පහර දුන් එකම මැරයෙකු හා/හෝ ප්‍රහාරය සැලසුම් කල, ඒ සඳහා කුමන්ත්‍රණ කල, අයුතු ජන රාශියක සාමාජිකයන් වූ කිසිවෙක් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැත.

මහජනතාවගේ බදු මුදලෙන් යැපෙන, නීතිය හා සාමය රැකීමේ නිළ වගකීම ඇති පොලීසිය තම රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීම හා මැරයන්ට නිදැල්ලේ රට තුල ගැවසීමට ඉඩ දීම සාමකාමී ජනයාගේ ජන ජීවිතය තර්ජනයට ලක් කරවන්නකි.



මෙම මැර ප්‍රහාරය සැළසුම් කිරීම, අපරාධයක් කිරීම සදහා කුමන්ත්‍රණ කිරීම, එකී කුමණ්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස අරලිය ගහ මන්දිරයට මැරයන් කැඳවීම, එකී මැරයන් වෙත පුද්ගල ජීවිත හා දේපල සඳහා හානි කිරීමට ආධාර අනුබල දීම, එකී ප්‍රහාරයේදී සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි මයිනා ගෝ ගම හා ගෝටා ගෝ ගම යන ස්තානවල සිටි උද්ඝෝෂකයන්ට පහර දී ශාරීරික තුවාල සිදු කිරීම හා උද්ඝෝෂකයන් ගේ දේපල විනාශ කිරීම යන සියලු අපරාධ කල පුද්ගලයන් පිළිබඳ සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබියදීත් ශ්‍රී ලංකා පොලිසිය තවමත් කුමන්ත්‍රණකරුවන් හා මැරයන් අත් අඩංගුවට ගෙන නැත.

මේ පිළිබඳව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස අප, අපගේ දැඩි අප්‍රසාදය පලකර සිටිමු.

එමෙන්ම අරලිය ගහ මැදුරේදී ඉහත කී අපරාධ සිදුකිරීම කල පුද්ගලයන් ලෙස පැහැදිලිව හඳුනාගෙන ඇති;

1. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ

2. හිටපු ඇමති නාමල් රාජපක්ෂ

3. හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු

4. හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන

5. හිටපු ඇමති සී.බී රත්නායක

6. හිටපු ඇමති සනත් නිශාන්ත

7. හිටපු ඇමතිනී පවිත්‍රා දේවි වන්නි ආරච්චි

8. පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

9. පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ

10. රේණුක පෙරේරා

11. කාංචන ජයරත්න

12. මහින්ද කහඳගම යන සැකකරුවන් හා

ප්‍රකෝපකාරී මැර පිරිස් පාලනය නොකර, නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දී ඔවුන්ට තුවාල සිදුකර, ඔවුන්ගේ දේපල විනාශ කල මැරයන්ට ඒ සඳහා ඉඩ ලබා දෙමින්, මැර පිරිස් අතර සිටිමින්, මැරයන්ට ආධාර හා අනුබල දෙමින්, රාජකාරී පැහැර හරිමින් කටයුතු කලබවට පැහැදිලි සාක්ෂි සහිත ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන ඇතුළු මැරයන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් මෙසේ පැමිණිලි කරමින් ඉල්ලා සිටිමු.

වසන්ත සමරසිංහ

රවී කුමුදේශ්

උදේනි දිසානායක

ජානක අධිකාරී

ලාල් බංගමුව

චින්තක බණ්ඩාර

මහින්ද ජයසිංහ

චන්දන අත්තනායක

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය