සැලසුම්කර රට ගිනි තැබූ රාජපක්ෂ අගමැතිවරයා සහ මැරයින් වහා අත්ඩංගුවට ගනු !

සැලසුම්කර රට ගිනි තැබූ රාජපක්ෂ අගමැතිවරයා සහ මැරයින් වහා අත්ඩංගුවට ගනු !

පසුගිය 09 දිනයේදී ගෝල්ෆේස් ජන අරගලයට මැර ප්‍රහාර සිදු කරන ලද්දේ, අග්‍රාමාත්‍ය කාර්යාලය තුල නිල වශයෙන් සැලසුම් කර බව ඉතා පැහැදිලි බැවින්, එම ම්ලේච්ඡ ප්‍රහාරය සැපයුම් කල අහමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයින් වහා අත්ඩංගුවට ගන්නා ලෙස අපි බල කරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ  සංකේත විරෝධතාවය, අවසානයේ ගෝඨාගෝගම ජන අරගල භූමියේදි  ජනතාව අමතමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ රවී කුමුදේශ් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රාදේශීය දේශපාලකයින්, අහිංසක ජනතාව රැවටීමට රාජ්‍ය බලය භාවිතා කර ඇති බැවින්, එකි ප්‍රාදේශීය දේශපාලකයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බල කරන බව සිටින බවයි.

එසේම අහෝසිවී ඇති පළාත් පාළන ආයතන, මහජන මුදලින් නඩත්තු කර, ජනතාවගේම හිස් වලට පොලු පහරවල් දෙන මැර කැල්ලි පෝෂණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසා, එම පාළාත් පාළන ආයතන අහෝසි කර, පළාත් කොමසාරිස්වරුන් අතට බලය පවරන ලෙස බල කර සිටින අතර, ජන අරගලයට මැර ප්‍රහාර කිරීම සදහා බන්ධනාගාර රැදවියන් පවා යොදවාගෙන තිබූ බැවින්, බන්ධනාගාර කොමසාරිස්වරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසද බල කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.