ඉන්ධන හිඟයෙන් රෝහල් වැසීයන ලකුණු

ඉන්ධන හිඟයෙන් රෝහල් වැසීයන ලකුණු

රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා  අඩපණ වී ඇතැයි වාර්තා වේ.

බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ වෛද්‍යවරුන් ඉන්ධන පෝලිම වලට එක්ව සිටීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත්  වෛද්‍යවරුන්ට ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන ලබා දෙන බව පැවසුවත් එලෙස ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවත්  රෝහල් අධ්‍යක්ෂ වරු පිරිසක් මාධ්‍ය වෙත පැවසීය.