රෝහල් පද්ධතියම අනතුරකට පත්වෙලා

රෝහල් පද්ධතියම අනතුරකට පත්වෙලා

ඖෂධ රසායනික සහ ශල්‍ය උපකරණ හිඟයද  ඉන්ධන හිඟයකද  විදුලි කප්පාදුව  ඇතුළු තත්වයන් යටතේ සමස්ත රෝහල් පද්ධතිය ම කඩා වැටීමෙන් අවධානයන් පවතන බවත්, රෝහල් පද්ධතියම හදිසි අවස්ථාවකට මුහුණ දීමට නොහැකි තරමට දුර්වල වෙමින් පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඖෂධ රසායනික සහ ශල්‍ය උපකරණ හිඟයද  ඉන්ධන හිඟයකද  විදුලි කප්පාදුව  ඇතුළු තත්වයන් යටතේ සමස්ත රෝහල් පද්ධතිය ම කඩා වැටීමෙන් අවධානයන් පවතී.  තවද අප මේ වන විට අත් විඳිනු ලබන්නේ ආර්ථික අර්බුදය නිසා සෞඛ්‍යයට ඇති වූ ගැටලු සහගත තත්ත්වයන් ආරම්භක අවස්ථාව බව සියලු දෙනා සිහි තබා ගත යුතු ව ඇත. ඖෂධ හා රසායනාගාර යනු රෝහල්වල ප්‍රධාන බල කණු දෙකක් වන අතර ඊට අමතරව ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ නොමැති වී යාමත් සමග සමස්ත රෝහල් පද්ධතියේ ම කඩා වැටීම ආරම්භ විය හැකි බව කිසිවකු විසින් හෝ අමතක කළයුතු නැත.

දැනටමත් දිවයින පුරා ප්‍රධාන රෝහල්වල ඉතා අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ බෝනොවන රෝග සඳහා භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් ද නොමැති බව බොහෝ වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය දිගින් දිගටම පෙන්වා දෙන තත්වයක් යටතේ මේ සම්බන්ධව අවධානය යොමු කොට මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව අපි විශ්වාස කරමු.

තවද ජනතාවට දරාගත නොහැකි මිලකට ඖෂධවල සහ ශල්‍ය උපකරණ වල මිල ඉහළ යාමත් සමග ජනතාව නිසි පරිදි ඖෂධ භාවිතා කරනවා වෙනුවට වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිතාව අඩු කිරීමත් සමඟ ඔවුන් පෙළෙන රෝගී තත්ත්වයන් උත්සන්න වීමට හේතුවක් වන අතර ම ඉදිරි කාලයේදී ඖෂධ පෝලිම් නිර්මාණය වීමේ අවදානමක් ද පවතී.  තමන් විසින් වියදම් කරන මුදලින් සියයට දහයකට අධික ප්‍රමාණයක් ඖෂධ සඳහා වන වියදම් සඳහා වැය වන්නේ නම් එය රටක සෞඛ්‍ය ආර්ථික පද්ධතියට බලපාන සිදුවීමක් බව අමතක කළ යුතු නැත. මේ අනුව එකවරම ඖෂධ හිඟයක්ද  ඖෂධ මිල ඉහළ යාමක් යන දෙකටම දැනට සාමාන්‍ය ජනතාව බලපෑම ඉතා බරපතළ තත්ත්වයක් ඇත

එසේම හෘද  සැත්කම් සඳහා භාවිතා කරන ශල්‍ය උපකරණ වල හිඟයත් සාමාන්‍ය ශල්‍යකර්ම සදහා අවශ්‍ය කරන නිර්වින්දන ඖෂධ වන ඉඟියක් නිර්මාණය වී ඇත.  මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම රෝගී ජීවිත බරපතල අනතුරකට හෙන බව අප විසින් දැඩිව අවධාරණය කරගත යුතුව ඇත.

විදුලි කප්පාදුව හේතුවෙන් ශීතකරණ සහ අධි ශීතකරණවල පවතින ඖෂධ වල ගුණාත්මකභාවය බිඳවැටී යාමේ අවදානමක් පවතින අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබී යාම නිසා රෝහල් පද්ධතියේ ගිලන්රථ ඇතුළු අනෙකුත් වාහන ක්‍රියාත්මක කිරීමත්  ජෙනරේටර් සඳහා අවශ්‍ය කරන ඉන්ධන නොමැති වීම  විදුලිය නොමැති අවස්ථාවේදී ශීතකරණ සහ අධිකරණ සක්‍රිය තත්ත්වය පවත්වාගෙන යාමත් මේ වනවිට උග්‍ර අර්බුදයකට ලක් පවතින නිසා රෝගී සත්කාරක සේවා වලට විශාල බලපෑමක් එල්ල වීමට පටන්ගෙන ඇත.  විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන ඉහළ යාම මෙම ඖෂධවල ගුණාත්මක භාවය බිඳ වැටීම කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන බැවින් ඒ ගැන වගකිව යුතු අංශ දැඩි අවධානය යොමු කළ යුතුව ඇත.

මේ වන විට රට තුළ නිර්මාණය වී තිබූ ගෑස් අර්බුදයක් සමඟ බොහෝ රෝහල්වල මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කිරීම කටයුතුවලටද බාධා එල්ලවී ඇති බව වාර්තාවේ ඇති වූ ආර්ථික අර්බුදය සෞඛ්‍ය ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතින අතර අප අත්දකිමින් සිටින්නේ ආර්ථික අර්බුදය නිසා සෞඛ්‍ය පද්ධතියේ සිදුවී ඇති හානි වල මුල් අවස්ථාවය.  මේ අනුව මේ තත්ත්වය දිගින් දිගටම පැවැති සමස්ත සෞඛ්ය පද්ධතිය කඩා වැටීමට ද නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබන රෝගීන්ට ඖෂධ, ශල්‍ය  උපකරණ ,රසායනාගාර පරීක්ෂණ සිදු කරවා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් සිහියේ තබා ගත යුතුව ඇත.

මෙයට අමතරව රට තුළ නිර්මාණය වී ඇති ඉන්ධන අර්බුදය ගෑස් අර්බුදය ඇතුළු අනෙකුත් සමාජ ආර්ථික අර්බුධ වල ප්‍රතිඵලයක් ලෙස සමස්ත සෞඛ්‍ය සේවකයන්ට රාජකාරි සඳහා පැමිණීමේ දී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. විශේෂ යෙන්ම වෛද්‍යවරුන් ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනක් ඉන්ධන පෝලිමේ රැඳී සිටීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කරන අතර හදිසි සේවා සඳහා පැමිණිමට ඔවුනට පැමිණීමට එය බාධාවක් බවට පත් වනු ඇත. 

මේ වන විට දිවයිනේ බොහෝ රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව වාර්තා වන අතර එවැනි තත්ත්වයක් යටතේ අදාළ ප්‍රාදේශීය රෝහල් ආශ්‍රිතව ඇති වන හදිසි අනතුරු හා හදිසි ආපදා තත්වයන් හෝ ස්වාභාවික ආපදා තත්වයන් වලට මුහුණ දීමේදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බලවත් දුෂ්කරතාවයට පත් වීමට ඉඩ ඇත.  එබැවින් ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට සෞඛ්‍ය පද්ධතිය සූදානම්ව සිටිය යුතු නමුත් මේ වන විට සෞඛ්‍ය පද්ධතියේ ඇති වී ඇති අවදානම් සහගත තත්ත්වය මත එවැනි කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවට පත් වනු ඇත.

තවද මෙවැනි  අවස්ථාවකදී තීන්දු තීරණ ලබා ගැනීම සඳහා සිටින ඉහළ නිලධාරීන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ වලද ඖෂධ නිෂ්පාදනය හා කළමනාකරණ අංශ වලට සිටින ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව සෑහීමට පත් නො හැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින්ද සෞඛ්‍ය  පද්ධතිය ඉතා ඉක්මනින් බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇත. එබැවින් මේ තත්ත්වය කෙරෙහි සියලු බලධාරීන්ගේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතුව ඇත.