ඉන්ධන හිඟයෙන් පොදු ප්‍රවාහන සේවයත් අවදානමක ?

ඉන්ධන හිඟයෙන් පොදු ප්‍රවාහන සේවයත් අවදානමක ?

ඉදිරියේදී අධික ඉන්ධන හිඟය හේතුවෙන් පොදු මගී සේවය බිඳවැටීමේ අවදානමක් ඇති ඇති බව වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනකු “වැඩබිමට“ ප්‍රකාශ කරන ලදි.

පෞද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබාදීම ලංගම ඉන්ධන හල් වලින් ලබාදීමට කටයුතු කරන බව පැවසුවත් එය තවමත් ක්‍රමවත්ව සිදුනොවන තත්ත්වයක් පෞද්ගලික බස් රථ ධාවනය වීම අඩාල වී ඇති බව  ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

මේවන විට  පෞද්ගලික රථවාහන ධාවනයද ඉන්ධන අර්බුදය නිසා අඩලවී ඇත.