අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන සිකුරාදා වසා තැබීමට කැබිනට් අනුමැතිය

අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන සිකුරාදා වසා තැබීමට කැබිනට් අනුමැතිය

රජයේ සේවකයන්ට සිකුරාදා දිනවල රැකියාවට වාර්තා නොකර ඒ වෙනුවට ගොවිතැන් කිරීමට හෝ ගෙවතු සහ අනෙකුත් ඉඩම් වගා කිරීමේ විකල්පයක් ලබා දීමේ යෝජනාව ඊයේ (13) දින කැබිනට් අනුමැතිය ලැබිණ.

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන්සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස 03 සිකුරාදා දින වසා තබනු ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.