රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) වැසෙන ලකුණු

රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) වැසෙන ලකුණු

සියළුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුධයක් මතුව තිබේ.

මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකහී වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවාත්වා ගැනීම පවා නිෂ්ඵල විය හැකිය.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සදහා සැපයුම් කරුවන් වෙත ගෙවියයුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් ගෙවීම, මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාල ප්‍රතික්‍රියක ලබා දීම කල නොහැකි බව අදාල සමාගම් විසින් දන්වා තිබීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවකි.

මෙවැනි ගැටළු සදහා තාව තාවකාලික පිළියමක් හෝ යෙදීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙම් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති අතර, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇත.

වර්ථමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබදව සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන මහතාව පත්කර ඇතත්, ගැටළු අවශ්‍ය සාකච්චාවක් අදාල පාර්ශව සමග තවම සිදු වී නොමැත.

රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය