නාවලපිටිය තරුණයෝ තාරුණයට රටක් ඉල්ලයි

නාවලපිටිය තරුණයෝ තාරුණයට රටක්  ඉල්ලයි
තාරුණයට රටක් ඉතුරු කරන ලෙසට බල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන් ඊයේ (16) දිනයේ නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.
 
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නාවලපිටිය නගරයට එක් රැස් වු නාවලපිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් කළු ඇදුමින් සැරසි මෙලෙස විරෝධතාවයේ නිරත්වූ අතර නගරයේ විරෝධතා පාගමනක්ද නිරත වූහ.
 

නාවලපිටිය ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් තරුණ තරුණියන් එකට එක් වි කටයුතු කරන බවත්, එම පිරිසගේ ජවය සහ එකමුතුකම පෙන්විම පිණිස මෙසේ නාවලපිටිය නගර මධ්‍යට එක්රැස් වි තාරුණයේ අනාගතයට රටක් ඉතුරු කරන ලෙසට මෙම උද්ඝෝෂණයක සිදු කල බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.