ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමවේදයක් කරලියට

ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමවේදයක් කරලියට

වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



වැඩබිම තවත් පුවත් කියවන්න...