ඉන්ධන නැත්නම් සඳුදා සිට බස් නෑ

ඉන්ධන නැත්නම් සඳුදා සිට බස් නෑ

පෞද්ගලික බස් සඳහා ප්‍රමුඛතවය මත ඩීසල් ලබා නොදුනහොත්  ලබන සදුදා (6) සිටි සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මෙම තීරණය ගත්තේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ සතියේ අවසන් වීම නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රජය විසින් පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදි ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ඔහු පෙන්වා දෙයි.