මුල්‍ය අර්බුදයෙන් ගුවන් තොටුපල වැසීයාමේ අර්බුදයෙන් සේවකයින්ගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක්

මුල්‍ය අර්බුදයෙන් ගුවන් තොටුපල වැසීයාමේ අර්බුදයෙන් සේවකයින්ගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක්

රටේ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් රත්මලාන හා මත්තල ගුවන් තොටුපලවල් වැසී යාමේ අනතුරක් මතුව ඇති බව පැවසසේ.

ප්‍රමාණතවත් තරම් ගුවන් යානා නොපැමිණීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන යානා සඳහා ඉන්ධන සැපයීම අර්බුදයට ලක්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරන අතර, මෙම ගුවන් තොටුපල තුනේම සේවකයින්ගේ රැකියා අනතුරකට ලක්ව ඇති බවත්, ආදායම් නොමැති වීමෙන් ඔවුන්ගේ වැටුප් ගෙවීම ද ප්‍රශ්ණයක් බවට පත්ව ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.