තැපැල් වර්ජනය අත්හිටුවයි

තැපැල් වර්ජනය අත්හිටුවයි
සතියකට පෙරාතුව තැපැල් වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවා තිබේ.
 
ඒ, අද (04) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
 
ඉන්ධන අර්බුදය හමුවේ සතියට දින 3ක් පමණක් සේවා සඳහා වාර්තා කිරීමට ගෙන ඇති තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් නොමැති වීම මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය මස 28 වනදාය.
 


 


 
තැපැල් සේවකයින්ගේ වර්ජනයත් සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වනවිට ලිපි සහ විදෙස් පාර්සල් ලක්ෂ පහක පමණ ගොඩගැසී ඇති බවද, ආරංචි මාර්ග පවසයි.