විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට හිමි මේ ප්‍රතිලාභ ලබා ගන්න

විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට හිමි මේ ප්‍රතිලාභ ලබා ගන්න
විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට හිමි මේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.ඔබත් විදෙස්ගතව සේවය කරන අයෙක් නම් ඔබේ දුවා දරුවන්ට හිමි මේ ප්‍රතිලාභ සඳහා අයඳුම් කරන්න.
 
මෙම අවස්ථාව ඔබගේ දු දරුවන් සඳහා වේ.එසේ නොවුණත් එවැනි දු දරුවන්ගේ අනාගත ජීවිතය යහපත් කිරීමට සහය කිරීමේ ප්රයන්තයට සහයෝගයක් වශයෙන් විදේශ සේවා නියුක්තියේ නියුතුව සිටින ශ්රී ලාංකිකයන් දැනුවත් කරන්න.
 
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව  විදේශ රැකියාවන් හි නිරත/නිරතව සිටි ශ්රමිකයින්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්යත්ව ප්රදානය කිරීම සඳහා මාර්ග ගතව අයදුම්පත් කැඳවීම. (Online applications ) - 2022
 
2021 වර්ෂයේ 5 වසර ශිෂ්යත්ව විභාගයේ දිස්ත්රික් කඩඉම් ලකුණු ලබා සමත් දරුවන් සඳහා - රුපියල් 20,000/=
 
දරුවාගේ මව හෝ පියා 2017.01.22 දින සිට 2022.01.22 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුයි.
 
2020 වර්ෂයේ අ.පො.ස.(සා/පෙල ) සමත් දරුවන් සඳහා පමණයි - රුපියල් 25,000/=
දරුවාගේ මව හෝ පියා 2016.03.01 දින සිට 2022.03.01 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුය.
දරුවන්,අ.පො.ස.(ස.පෙල ) විභාගය අවම වශයෙන් ගණිතය ඇතුළුව විෂයයන් 6 කින් සමත්ව ඉන් විෂයයන් 3ක් සඳහා සම්මාන සමාර්ථ සහිතව (උ.පෙල )හදාරමින් සිටිය යුතුය.
2020 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ ) සමත් දරුවන් සඳහා පමණයි - රුපියල් 35,000/=
අදාළ දරුවාගේ මව ,හෝ පියා 2015.10.12 දින සිට 2020.10.20 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුයි.
දරුවා රජයේ විශ්ව විද්යාලයක (විශ්ව විද්යාලය ප්රතිපාදන කොමිෂන් සභාවේ අනුමත පුද්ගලික නොවන ,පූර්ණ කාලීන අභ්යන්තර) උපාධි පාථමාලාවක් හදාරමින් සිටිය යුතුය.
මාර්ග ගත අයදුම්පත සම්පූර්ණ කිරිම සමඟ ලියකියවිලි කිහිපයක්ද ඒ සමඟ ඇතුළත් කිරීමට තිබේ.

 
 

 

එමෙන්ම මෙම මාර්ග ගත අයදුම්පත සම්පූර්ණ කිරිම සහ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන ඇතුළත් කිරීම සදහා www.slbfe.lk වෙබ් අඩවියට පිවිසිය යුතුය.

මෙම මාර්ග ගත අයදුම්පත් සම්පූර්ණ කිරීමේදී ජංගම දුරකථන අංකයක්ද ඉදිරිපත් කළ යුතු අතර එම ජංගම දුරකථන අංකය වෙතට අයදුම්පත සම්බන්ධයෙන් කෙටි පණිවිඩ මගින් ඉදිරියේ ක්රියාවලිය පිළිබඳව සම්බන්ධතා පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරන හෙයින් නිරන්තරයෙන්ම භාවිතාවේ තිබෙන ජංගම දුරකථන අංකයක්ද ඇතුළත් කිරීමට සටහන් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
මාර්ග ගත අයදුම්පත් සඳහා අවසාන දිනය : 2022.05.31
සියළු වැඩි විස්තර සහ තොරතුරු, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි.
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
24 පැය විශේෂ විගමණික සම්පත් මද්යස්ථාන දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
ස්කයිප් : inforcenter_slbfe
Facebook: විගමනික සම්පත් මද්ය ස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )

(අදාල කාල සිමාවන් තුල ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදේශ රැකියාවක නිරතව සිටින සහ සිටි, මේ පිලිබදව උනන්දු ශ්රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පූර්ව දැනුවත් කිරීමේ පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)