ඔබ විදෙස්ගතව සේවයකරන අයෙක්ද?කම්කරු ඇමතිගෙන් ඔබට සුබ පණිව්ඩයක්!

ඔබ විදෙස්ගතව සේවයකරන අයෙක්ද?කම්කරු ඇමතිගෙන් ඔබට සුබ පණිව්ඩයක්!

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන්ම රු. 240ක මුදලක් ලබා දෙන මෙන් තමන් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

Nimal

පසුගිය 08 වෙනිදින පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා,

විදේශීය ශ්‍රමිකයන් මේ රටට ප්‍රේෂණය කරන ඩොලර් වෙනුවෙන් රු. 240ක වත් මුදලක් ගෙවන්න කියලා මම ඉල්ලීමක් භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා.


විදෙස්ගත ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...



ඒ වගේම මගේ අමාත්‍යංශය පැත්තෙන් විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම විදේශ රටවල සේවයට යන විගමණික ශ්‍රමිකයන් සඳහා එක්සත් ජනපද ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබාදීම අනිවාර්ය කරන කටයුත්තත් දැන් කෙරී ගෙන යනවා.