විදෙස්ගත ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ශ්‍රමිකයන් සදහා වන තීරුබදු සහනය

විදෙස්ගත ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ශ්‍රමිකයන් සදහා වන තීරුබදු සහනය
විදෙස්ගත ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ශ්‍රමිකයන් සදහා වන තීරුබදු සහනය සම්බන්ධයෙන් වැදගත් සඳහනක් "Sri Lanka Customs" ෆේස් බුක් පිටුවේ සඳහන්ව තිබෙන අතර එය විදෙස්ගතව සිටින අයට මෙන්ම ඉදිරි කාලයේදී විදෙස්ගතවීමට අපේක්ෂා කරන ලාංකිකයින්ටද අතිශය වැදගත් වන බැවින් පහත පරිදි පලකර තිබේ.
 
අනිවාර්යෙන් කියවන්න.අනෙක් අයගේ දැනුමට බෙදා හරින්න.
 
 
1) මහබැංකුව මගින් පසුගියදා පැනවූ අත්යාවශ්ය නොවන/හදිසි⁣ නොවන භාණ්ඩ සදහාවූ නව රෙගුලාසි විදෙස්ගත ශ්රී ලාංකිකයන්ටත් ස්වකීය ගමන්බඩු ගෙන ඒමෙිදී බලපානවද?
නැත,
කිසිදු බලපෑමක් නැත.
මෙතෙක් ගෙන ආ පරිදිම මෙම වරප්රසාදය භුක්ති විදිය හැක.
2) එය තවත් විස්තර සහිතව පැහැදිලි කරන්න.
හොදයි,
යමිකිසි ශ්රී ලාංකික ගමන් බලපත්ර හිමි පුද්ගලයෙකු විදෙස්ගතව සිට එක දිගටම වසරක් සමිපූර්ණ කර යලි මවිබිමට පැමිනීමෙිදී ඔහුට හෝ ඇයට ඇමෙ. ඩොලර් 1000 ක වටිනාකමට සරිලන තීරැබදු සහනයක් ලැබෙි.
ඔබ මෙරටට පැමිනෙන්නේ මාස 3 ක් සහ වසරක් ඇතුලත කාලයක නමි ඔබට හිමි සහනය ඇමෙ. ඩොලර් 500 ක් පමනී.
යමි හෙයකින් ඔබ පැමිනෙන්නේ මාස 3 කට අඩුවෙන් නමි ලැබෙන තීරැබදු සහනය ඇමෙ. ඩොලර් 125 ක් පමනී.
මෙම චක්රය අනුව ඔබ ගෙන්වන භාණ්ඩවල වටිනාකම රේගු තක්සේරැවට අනුව නියමිත සහනය ඉක්මවන්නේ නමි. එසේ වැඩිවන වටිනාකමට අනුව ගෙවිය යුතු තීරැබදු ප්රමාණය රේගුව විසින් ගණනය කරනු ලබන අතර එම බදු මුදල රේගුවට ගෙවා ලදුපතක් ලබාගෙන භාණ්ඩ නිදහස් කරගත හැක.
3)ගමන් බඩු යටතේ ඔිනෙම භාණ්ඩයක් ගෙන ආ හැකිද?
නොහැක,
ඒ සදහා නියමිත භාණ්ඩ ලේඛනය අදාල භාණ්ඩ නැවිගත කරන සමාගමිවලට මෙන්ම ශ්රී ලංකාවෙිදී නිෂ්කාශනය කරන ආයතනවලටද ලබාදී ඇත.
ඊට අමතරව රේගු වෙබි අඩවියද, රේගු තොරතුරැ මධ්යස්ථානයේ සහායද ඔබට ලබාගත හැක.
ඉතාමත් කෙටියෙන් කීවොත් තහනමි කර ඇති භාණ්ඩ (මත්ද්රව්ය,සිගරටි,පුරාවස්තු,රාජ්ය හා ආගමික විරෝධී ද්රව්ය යනාදිය)
සහ
සීමාකර ඇතිදෑ
(මත්පැන් බෝතල,යාන වාහන කොටස්, එන්ජින්, පරණ,ටයර්,පාවිචිචි කල ගෘහභාණ්ඩ,රන් රිදී මුතු මැණික් වැනි වටිනා දේවල්) මෙන්ම
ආහාර වර්ග ඇතුළු කිසිම දෙයක් වාණිජ මටිටමින් රැගෙන ඒමෙන් සපුරා වලකින්න.
ප.ලි..ගුවන් තොටුපලෙන් බඩු මිලදී ගන්නේ නමි පමනක්.
දින 365 කට වැඩි ඩොලර් 1750 යි.
දින30 වැඩි 365 අඩු සදහා ඩො 625 යි
දින 30 ට අඩු සදහා ඩො. 187.50 වෙි
ස්තුතියි..!!!
පරාක්රම බස්නායක.
හිටපු රේගු අධ්යක්ෂ.
නීති හා නීති කටයුතු අධ්යක්ෂ.
රැන්සමි ලංකා
උපුටා ගැනීම -Sri Lanka Customs fb page