"Khaibar-buster" යනුවෙන් මෙම දිගු දුර මිසයිලයට නම් තබා තිබෙනවා.
ඉහළ නිරවද්‍යතාවයක් සහිත මෙම දිගු දුර මිසයිලය, සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය කර ඇති අතර මිසයිල ආරක්ෂණ පද්ධතිය (Missile Defense) වුවද ආක්‍රමණය කළ හැකි බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වුවත් මිසයිල ආරක්ෂණ පද්ධතියක් අභිබවා යාමට මෙම මිසයිලය හැකි බවට පළකර ඇති කරුණ මේ දක්වා ස්වාධීනව තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.
ඉරානයේ භූ පිහිටීම අනුව ඊශ්‍රායලය ආසන්නතම ස්ථානය සැතපුම් 620ක් ඈතින් වන අතර ඉරානය සතුව සැතපුම් 1250ක් දක්වා ගමන් කළ හැකි මිසයිල පවතී. එමෙන්ම මැද පෙරදිග කලාපයේ විශාලතම මිසයිල අවි ගබඩාව ඇත්තේ ඉරානය සතුව බවයි යුද විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.
