විගමනික ශ්‍රමිකයන් සඳහා රුපියල් කෝටියක සහන ප්‍රතිලාභ

විගමනික ශ්‍රමිකයන් සඳහා රුපියල් කෝටියක සහන ප්‍රතිලාභ
විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයන් සඳහා සේවක සුභසාධක අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.
 
1
 
2 
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගත වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරනයක් හිමි වේ. එම රක්ෂණාවරණය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව වන වර්ෂ 2 ක් හෝ 3 ක් සඳහා බලපැවැත්වෙන අතර, ඒ යටතේ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවේ. 
 
එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුභසාධක අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු ලබන අතර , එම කමිටුව මගින් ගන්න ලද  තීරණයන් මත සහන සැලසීම සිදු කරනු ලබයි. 
 


විදෙස්ගත ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...
 
 
 
 
 


 
 
විදේශ රැකියාවක් සදහා කාර්යාංශයේ ලියාපදිංචි වුව ද එම කාල සීමාව දීර්ඝ කර නොගැනීම හා එය ඉක්මවීමෙන් පසු  බරපතල රෝගී තත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණය නොලබන විගමනික ශ්‍රමිකයින්  සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදල මඟින් සහන ප්‍රතිලාභ වශයෙන් යම් මුල්‍යමය ප්‍රදානයක්  කරනු ලැබේ.
 

2021.12.10 දින පැවති සේවක සුභසාධක අරමුදල් කමිටුව මඟින් අනුමත කරන ලද ලිපිගොනු 40 ක් යටතේ ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්‍රදානය කිරීමට අනුමැය ලැබී ඇති අතර, එම අනුමැතිය යටතේ බස්නාහිර පළාතේ ලිපිගොනු 20 ක, ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක වටිනා කමින් යුත් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා විසින් (2022. 02.10 ) දින ප්‍රදානය කරන ලදී.

3

4

5