එලෙස පුපුරුවා හරිනු ලැබූ ඩ්‍රෝන යානාවේ සුන්බුන් වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසට ද ශ්‍රී ලාංකිකයෙකු ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
AFP පුවත් සේවයට අනුව තුවාල ලැබූ පිරිස අතර සෞදි ජාතිකයන් දෙදෙනෙකුට අමතරව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකික පුරවැසියන් පුරවැසියන් ද සිටින බවයි සඳහන් වන්නේ.
යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් කරන සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා අරාබි සන්ධානය බ්‍රහස්පතින්දා කියා සිටියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට සුන්බුන් වැටීමෙන් සංචාරකයින් සහ විවිධ ජාතීන්ට අයත් කම්කරුවන් තුවාල ලැබූ බවයි.
ආරක්ෂක ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමෙන් පසු අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණු බවයි එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.
