මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් කිරීමට ක්‍රියාමාර්ග ගැනේ

මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් කිරීමට ක්‍රියාමාර්ග ගැනේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පල කරනවා.

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබෙනවා.

හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722ක්.

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ පසුගිය වසරක කාලය තුල අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇති බවද සඳහන්.