විදෙස්ගතව සේවය කරන ලාංකික ඔබට වඩා වැදගත් නීතිමය තොරතුරු බිඳක්

විදෙස්ගතව සේවය කරන ලාංකික ඔබට වඩා වැදගත් නීතිමය තොරතුරු බිඳක්

සංක්‍රමණික සේවකයන් ලාංකික අර්ථිකයට කරන්නේ අතී මහත්වු  දායකත්වයකි ,  ගණන්  මිමි ලෙස ගත හොත් අද වන වීට බොහෝ සංක්‍රමණික සේවකයන් ආසන්න වශයෙන් රුපියල 45,000 ක වත් අවම වැටුපක් ගනී , මාගේ මතය නම් ශ්‍රී ලංකාව සමහර රටවල් කර ඇති ලෙස සංක්‍රමණික සේවකයාට අවම වැටුපක් නියම කල හැක. විශේෂයෙන්ම බියුරෝවේ අත්සන් තබන තෛපාර්ශවීය ගිවිසුමට අනුව මෙය ලේසියෙන්ම කල හැක. එහෙත් එසේ නොවේ  සමහර විදෙස් රැකියා බලපත්‍රලාභීන්ට අනුව නම්  ඒ ය එතරම සුභදායී කටයුත්තක් නොවේ මන්ද ඔවුන් පවසන පරිදි ජාත්‍යන්තර  කම්කරු වෙලඳ පොල ඉල්ලුම සැපයුම අනුව කටයුතු කරන නිසා ප්‍රමිතීන් දැමීමට සේවකයන් යවන රටට සුභ නොවේ. මන්ද  යම් රටක් ඉල්ලුම් වැඩි කලොත් ඊට වඩා අඩු ගනට සේවා සැපයීමට ලෝකයේ ඕනැ තරම් රටවල් ඇතඔි නිසාලු, එම මතය කේසේ වෙතත් අවම වැටුපක් තිබිය යුතුය . හොංකොං සේවය කරන කලේ  එරටේ වෘත්තීය සමිති සංක්‍රමණික සේවකයන්ට අවම වැටුපක් නියම කරන ලෙස රජයට බල කෙරිනි,. ඒ අනුව එවකට හොංකොං ඩොලර් 2800 නියම වු අතර අද වන විට ඒය  3600 ද ඉක්මවී ඇතිවාට සැක නැත. එය හොඳම නොවුනත් හොඳ වැටුපකි.

හොංකොන් ඉන්න කාලේම විවිධ රටවල් වල ඉන්න සමිති සමග  කටයුතු කිරීමට  මට අවස්ථාව ලැබුනි. ඉන් පිලිපීන සමිතිය ඉතා ශක්තිමත් හා බලවත් විය. එයට එක හේතුවක් වන්නේ එරටේ  ජනගහනයෙන් 10% ක් එනම් මිලියන හතක්  පමන වන සංක්‍රමණික සේවකයන්ට ඡන්ද බලය තිබීමයි. ඒ නිසාම එරටේ දේශපාලනයේදී හා සමාජ ජීවිතයේදී ඔවුන්ට  විශාල බලයක් ඇත. එය පිටරටවලදීද ඔවුන් භාවිතා කරයි. කෙසේ වෙතත්  අනෙකුත් ආසියාතික සංක්‍රමණික සංවිධාන වලට එවැනි බලයක් නැත්තේ ඔවුන්ට ඡන්ද බලය නැති නිසා විය හැක.

මෙවැනි  රැස්වීම වලදී අදහස් බෙදා ගන්න  අතර දැනුමද හුවමාරු වේ. පිලිපීන  සංක්‍රමණික සේවකයාට  දොරකඩටම සේවා සපයන ආයතන විශාල  සඛ්‍යාවකි. හවලා හා උන්ඩියල් ක්‍රමයට මුදල් මව් රටට යැවීමේ  සිට  කුරියර් සේවාවන් දක්වා විශාල වපසරියක සේවා සැපයීමක් ඇත. ඒවා සියල්ල එක එක  වටිනාකම් වලින් යුත් ආර්ථිකයන් වන අතර  ඒවා සියල්ලම සෘජු නොවු වක්‍ර ආදායමක් ලෙස පිලිපීන හෝ හොංකොං ව්‍යාපාර ප්‍රජාව විසින් භුක්ති විඳීයි. බෙදාගනී . මෙය සියලූම රටවල් වලට  හා  සියලුම සංක්‍රමණික සේවකයන් ලබා ගන්නා රටවල් වලට අදාලය .

දැන් අපේ සාකච්ඡාවේදී මතුවු  කරුණක් ලෙස බලමු. දකුනු ආසීයාතික කාන්තාවන්ට වඩා බටහිරට නැඹුරු  පිලිපීන කතාවන්ද දුප්පත්ය.  ආර්ථිකය අප මෙනි. ඒත් ඔවුන්ගේ වියදම් රටාව වෙනස්ය.  බොහෝ විට ඔවුන් ඒ රටේදීම ඔවුන්ගේ ඉපයීම් වලින් 40% කට ආසන්න ප්‍රමානයක්  විය පැහැදම් කරයි. අපේ අය  සාමන්‍යෙයන් 25% ක් පමණය.   මේ නිසාම සංක්‍රමණික සේවකයන් චිරස්තායී  සංවර්ධන ක්‍රමවේදයක් යන ආප්තය  ඔප්පු කරනවා පමණක් නොව  පිලිපීනයට හොඳ ආදයමක්ද  ගිලීහී  යයී.

මෙය වලක්වා ගැනීමට ඔවුන් කල එක උත්සාහයක් ගැන ඔවුන් තොරතුරු බෙදා ගන්න ලදී, එහීදී ඔවුන් ඉතීරී කිරීම කණ්ඩායම් හොංකොං වලදීම සංවිධානය කල අතර ඒවට හොඳ පොලී අනුපාතයක්ද බැංකු ක්‍රම හරහා ලබා දුනී.  ඒවා තැන්පතු සංචිත  ලෙස පැවතුන අතර   ඒ මගින් ඔවුන් උත්සාහ කලේ  හොංකොං ආර්ථිකයේ අත්‍යවශ්‍ය  මෙවලමක්වු සංක්‍රමණික සේවකයන්ට වඩා හොඳ  අගය එකතු කිරීමක් ලබාදීමටත් ඔවුන්ගේ ඉපයීම් සුරක්ෂිත කිරීමටත්  වැඩියෙන්ම ඔවුන්ගේ  හොංකොං තුල කරන්නවු වියදම අවම වශයෙන් 100% වත්  අඩු කිරීමටය. එයට  ඔවුන් තවත් උපක්‍රමයක් භාවිත කල අතර ඔවුන් සංක්‍රමනීක සේවකයන්ට  වටිනා බලපොරොත්තුවක් ලබා දුනී.  ඔවුන්ගේ ඉලක්කය වුයේ මෙම තැන්පතු ඉතිරි කිරීම්වලින් පිලිපීන ගුවන් සේවවේ කොටස් මිලදී ගැනීමටය. එමෙන්ම පිලිපීන ගුවන් සේවාව වැඩියෙන්ම භාවිත කරන ඔවුන්ගේ  සංක්‍රමනීක සේවකයන්ට  වඩා හොඳ ගෞරුත්වයකින් පියාසර කිරීමේ අවස්ථාවක් ලබා දෙන්නටය.    ඒ සමගම ඔවුන් තවත් ඵලදායී යෝජනා  මෙම ඉතුරුම් සඳහා කෙරිනි. එනම් ග්‍රාමීය පිලිපීන ජනතාවට  අවශ්‍ය විදුලි බලය  මේ තැන්පතු උපයෝගී කරගෙන  කුඩා  ජල විදුලී බලාගාර වල ආයෝජනය කිරීමයි. එහිදී  ග්‍රාමීය පිලිපීන ජනතාවට  විදුලිය ලැබෙනවා  පමනක් නොව විශාල ව්‍යාපාරයක සාඩම්බර හිමිකරුවකු හෝ කොටස් හිමියන් බවට දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන  අයිතිකරුවන් බවට සංක්‍රමනීක සේවකයන් පත්වනවා දැකිමයි.

පීලීපීන සේවකයන්ද  අප වගේම  සල්ලි  ලැබුන විට  කරන්නේ ණයක් හෝ වී  ජිප්නීයක්  මිලදී ගැනීමය. දුප්පත් පීලීපීනයේ ප්‍රධන ප්‍රවාහන මාධ්‍යය ජිප්නීයයි. ජිප්නී ආර්ථිකය හොඳය.  එහෙත්  තිරසර නැත.  අපද කරන්නේ  ත්‍රීවීල් ආර්ථිකයකට නොයා  අලුත් මාවත් සෙවීය යුත්තේ  එනීසාවීනි. රජය මේ ගැන අවධානය  යොමු කරත්වා.

අමතර ආදායම් ගැන කියන විට  මේවැනි නියතීන් මතකයට නැගේ.  එනම් දුරකතන සමාගම් ලබන්නාවු ඉපැයීම් ය.  , භාන්ඩ හුවමාරු සමාගම් ගන්න ආදායම්ය, ඩියුටී ෆ්‍රී සමාගම්  ගන්න ආදායම්ය , බැංකු අය කරන කොමිස්  නිසා ලාබ ගනනා ආදායම් , රට අහිමි වන විදේශ විනිමය වන හවලා හා උන්ඩියල් කරුවන් ගන්නා විශාල ආදායම්ය. වෛද සේවා , ලැබ්  හා වෙනත් සේවා සපයන අය ගන්න ආදායම්ය.  ගල්ෆ් රටවලට යන අයට ගම්කා නැමති සාමුහිකයේ අනුමත ලැබ් වලීන් පමනක් තම වෛද්‍ය වාර්තා ගැනීමට සිදුවේ, පාස් පෝට් එකට ගෙවන්නට සිදුවේ , බියුරෝවට ගෙවන ගාන , ගුවන් ටිකට් පතට ගෙවන ගාන ,  ලංකාවෙන් ගෙන්වා ගන්නා දේවල් වලට ගෙවන ගාන විනෝදස්වාදයට ගෙවන ගාන  අන වින කොඩිවින හා හැර ගියා සැමියා පැය 24න් ගෙන්වාදෙන  හොරුන්ට ගෙවන ගාන වශයෙන් අති විශාල මුදලක් ඔවුන් වියදම් කරයි. මේවා කලමනාකරණය වන්නේ නැත. නියාමනය නැත. විවිධ ආගමිකයෝද ඔවුන්ගෙන්ම තම ආගමීක කටයුතු වලට සම්මාදම් එකතුකරගනී.

ගනන් හදමු

සංක්‍රමණික සේවකයකු මාසේකට 45,000 ක් උපයන්නේ යැයි සිතමු , අපට දල වශයෙන්  සංක්‍රමණික සේවකයන් ලක්ශ 20 කි.  ඒ අනුව ගත් කල ලංකාවේ සංක්‍රමන්ණික සේවකයන්ගේ මාසික ආදයම මිලියන 90,000කි. ( බිලියන 90 ) වාර්ශික ආදායම රුපියල් බිලියන එක්දාස් අසූවකි. අපිට මෙයින් කොයි තරම් මුදලක් ලංකාවට ගෙන්වා ගත හැකිද යන්න මත අපගේ ආර්ථිකයේ එක් ශක්තිමත් පැත්තක් නිර්මාණය වන අතර  අනෙක් අතර ස්වයං  රැකියා නැමති අසාර්ථක ක්‍රමය වෙනුවට  වඩා ගරුත්වයෙන් යුතු සංක්‍රමනීක ප්‍රජාවක් අපට ලැබිමයි.  සිදුවුයේ  මෙතෙක් බිහිවු කිසිදු රජයක් මේ ගැන  අවධානය යොමු නොකිරීමයි. 

 

සටහන - නීතිඥ ලක්ෂාන් ඩයස්