කොරියාවේ රැකියා අවස්ථා ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක්!

කොරියාවේ රැකියා අවස්ථා ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක්!

කොරියානු රැකියා විභාගය සමත්ව වසරකට වැඩි කාලයක් ගතව ඇතත් තමන්ට එරට රැකියාවලට යාමට නොහැකි වී ඇති බව විභාගයට පෙනී සිටි තරුණයින් පිරිසක් පවසති.

ඔවුන් පවස්නේ 2018 වසරේ පැවති කොරියානු රැකියා විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ නිකුත් කළ අතර එහිදි 5,000ක් විභාගය සමත් වූ බවය.

ඒ අනුව තමන් කොරියාවේ රැකියා සඳහා යැවීමට ගිවිසුම් පවා අත්සන් කළ බව ඔවුන් ප්‍රකාශ කළේය.

එහෙත් මේ වනතෙක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඒ සඳහා නිසි මැදිහත්වීමක් නොකළ බවට එම තරුණයින් චෝදනා කරති.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමකදි අනාවරණය වූයේ කොරෝනා ව්‍යාප්තියක් සමග ඇති වූ තත්ත්වය මත කොරියාවේ නව රැකියා සඳහා යොමු කිරීම ප්‍රමාද වූ බවයි.

කොරියාව විසින් ආසන්න රටවල්වලින් පමණක් ශ්‍රමිකයින් බඳවා ගැනීම ඊට ප්‍රධාන හේතුවකි.

කෙසේවෙතත් විෂය භාර අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් මත අදාළ රැකියා සඳහා විභාගය සමත් වූ පිරිස කඩිනමින් යොමු කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කුමන කොන්දේසියක් මත හෝ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවා ගන්නා ලෙසත් දන්වා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.