වසර දෙකක් පුරා ඕස්ට්‍රේලියාවේ පාලු දූපතක දුක් විඳින ලාංකික පවුල

වසර දෙකක් පුරා ඕස්ට්‍රේලියාවේ පාලු දූපතක දුක් විඳින ලාංකික පවුල
වසර දෙකකට ආසන්න කාලයක් හුදකලා ඕස්ට්‍රේලියානු දූපතක රඳවා සිටින ශ්‍රී ලාංකික පවුලක දුක්ඛිත තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් පසුව මෙම පවුල එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචි කරවීම පිළිබඳව ඕස්ට්‍රේලියානු බලධාරීන් අවධානය යොමුකර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

ප්‍රියා සහ නදීස් මුරුගප්පන් යුවල මේ වන විට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර 2500ක් පමණ ඈතින් පිහිටි ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති අතර නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැඳවීමට භාවිත කරන එම දූපතේ වෙසෙන එකම සංක්‍රමණිකයන් පිරිස එම පවුලේ සිව්දෙනා වෙයි.

2012 සහ 2013 දී වෙනම ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණි ප්‍රියා සහ නදීස් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන විට ඔවුන්ට දියණියන් දෙදනකුද ලැබී සිටි අතර දරුවන් ඔස්ට්‍රේලියාවේදී උපත ලැබීම සලකා බලා එම පවුලට එරට පදිංචිය ලබාදෙන ලෙස මානව හිමිකම් සංවිධාන රැසකින්ම ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

ුංඑසේම කිහිප විටකදීම අසනීප වූ ප්‍රියාට ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නිලධාරීන් අමානුෂික ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය ඔස්සේ විවේචන පළවිය.

 2060 768x576
 
5568 768x576