ප්‍රියා සහ නදීස් මුරුගප්පන් යුවල මේ වන විට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර 2500ක් පමණ ඈතින් පිහිටි ක්‍රිස්මස් දූපතේ රඳවා ඇති අතර නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැඳවීමට භාවිත කරන එම දූපතේ වෙසෙන එකම සංක්‍රමණිකයන් පිරිස එම පවුලේ සිව්දෙනා වෙයි.
2012 සහ 2013 දී වෙනම ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණි ප්‍රියා සහ නදීස් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන විට ඔවුන්ට දියණියන් දෙදනකුද ලැබී සිටි අතර දරුවන් ඔස්ට්‍රේලියාවේදී උපත ලැබීම සලකා බලා එම පවුලට එරට පදිංචිය ලබාදෙන ලෙස මානව හිමිකම් සංවිධාන රැසකින්ම ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.
ුංඑසේම කිහිප විටකදීම අසනීප වූ ප්‍රියාට ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නිලධාරීන් අමානුෂික ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය ඔස්සේ විවේචන පළවිය.


