විදෙස්ගත ලාංකිකයින්ට රජයෙන් සුබ ආරංචියක් -මේ අනඟි පහසුකම ඔබටයි

විදෙස්ගත ලාංකිකයින්ට රජයෙන් සුබ ආරංචියක් -මේ අනඟි පහසුකම ඔබටයි

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයන් සඳහා සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කම්කරු අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා තිබෙන අතර එමගින් මරණයකදී රුපියල් 600,000ක් හා පූර්ණ ආබාධිත තත්වයකදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදුවෙයි.

කෙසේ නමුත් එමගින් ගෘහස්ත හෝ වැඩ බිම්වලදී සිදුවන අනතුරු සඳහා කිසිදු ආවරණයක් සිදුනොවේ.

එබැවින් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා ආවරණයක් සැලසෙන අයුරින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.